
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිට එඹෙන 20වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව එම පෙරමුණෙහි ප්‍රකාශකයෙකු පැවසීය.
ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණ වැඩකටයුතු සඳහා පක්ෂයේ වගකීම කරට ගෙනඒ සඳහා වූ ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණීමේ මූලික අරමුණ වී ඇති බව සඳහන්ය.ඊට අමතරව සමස්තයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි ස්ථාවර කර ගනිමින් විවිධ මතවල සිටින පක්ෂයේ මන්ත්‍රීන් යළි එක් කිරීම මෙන්ම පක්ෂයක් ලෙස ඉදිරී කටයුතු සංවිධානය කිරීමටද ඒ මහතා බලාපොරොත්තු වන බව වැඩිදුරටත් සඳහන් වේ.
(නිදර්ශනී වික්‍රමසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval