police-woman-daughter-issue

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයක ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති තනතුර දරන පොලිස් පරීක්ෂකවරියකගේ 12 හැවිරිදි දැරියකට ලිංගික අපයෝජන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිස් පරීක්ෂකවරියගේ අනියම් සැමියා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට  ගැනීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ප්‍රදේශයේ  උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය. ලිංගික  අපයෝජනයකට ලක් වූ බව කියන 12 හැවිරිදි දැරිය දුම්මලසූරිය පොලිසියේ භාරයට ගෙන වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කරන ලදැයි පොලිසිය සඳහන් කරයි.

දැරියගේ පියා බන්ධනාගාර නිලධාරියකු වන අතර ඔහු හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පුත්තලම ප්‍රදේශයේදී 2019 වසරේදී සැකපිට අත්අඩංගුවට ගෙන මේ වනවිටත් රිමාන්ඩ් භාරයේ පසුවන බව පොලිසිය පවසයි. දැරියගේ පියා රිමාන්ඩ් භාරයට පත්වීමෙන් පසු පොලිස් පරීක්ෂකවරිය වෙනත් පුද්ගලයකු සමග අනියම්  සම්බන්ධතාවක් පවත්වාගෙන මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.සැකකරු එම නිවසේදී දැරිය කිහිප අවස්ථාවකදීම ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.



දැරිය මිත්තණියගේ නිවසේ සිටියදී පොලිස් 119 ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත, දුම්මලසූරිය පොලිසියේ නිලධාරීන් දැරිය පදිංචිව සිටින නිවස කණ්ඩායමක් සොයාගෙන ගොස්, ඇය පොලිස් භාරයට ගෙන ප්‍රකාශයක් ලබාගෙන ඇත. අත්අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයාගෙන් දැරියට සිදු වන ලිංගික අතවර ගැන ඇය මවට පවසා ඇතත්, පොලිස් පරීක්ෂක මව ඒවා ගණන් ගෙන නොමැති බවත් ඇය පසුව දැරිය දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිව සිටින සිය සැමියාගේ මවට බාරදී ඇති බවත් පොලිසිය සඳහන් කරයි. පොලිස් පරීක්ෂකවරිය හා ඇයගේ අනියම් සැමියා  බව කියන පුද්ගලයා මෙම බාලවයස්කාර දැරිය දැලිවලන්, ඉඳුල් පිගන් ආදිය සෝදා ගැනීම ඇතුළු වැඩපොළ සිදු කරගෙන ඇතැයි ද පොලිසිය කියයි.

බාලවයස්කාර  දැරිය පොලිසියට ප්‍රකාශයක් දෙමින් මෙම තොරතුරු හෙළිකර සිටියේ යැයිද පොලිසිය සඳහන් කරයි.  පොලිස් පරීක්ෂකවරියක වන මව, දැලි කුණු ගෑවෙනවා යැයි කියා වළං සෝදන්නේ හෝ ඉඳුල් පිගන් සෝදන්නේ නැති බව දැරිය පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇති බව ද පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

දැරිය අනියම් සැමියා සමග කතාබහ කරන්නේ නැති බැවින්, පොලිස් පරීක්ෂවරිය මෙම දැරියට නිතර බැණ වැදී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

දැරියට සිදු වූ බව කියන ලිංගික අතවර හා වෙනත් අඩන්තේට්ටම් ගැන සවිස්තර ප්‍රකාශයක් සටහන් කරගත්  කතාබහ කරන්නේ නැති බැවින්, පොලිස් පරීක්ෂවරිය මෙම දැරියට නිතර බැණ වැදී ඇති බවද පොලිසිය සඳහන් කරයි.  දැරියට සිදු වූ බව කියන ලිංගික අතවර හා වෙනත් අඩන්තේට්ටම් ගැන සවිස්තර ප්‍රකාශයක් සටහන් කරගත් බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. දුම්මලසූරිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. දැරිය ඇයගේ මව භාරයේ සිටියදී ලිංගික අපයෝජනවලට ලක් වී ඇති බව ද පොලිසිය පවසයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය