
ගෝඨාගෝගම අරගල භූමියේ බුද්ධිමය සංවාද සිදු කෙරුණු 'පුරවැසි සභාව' වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ නිර්මාණී ලියනගේ හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ. සෙනසුරාදා සන්ධ්‍යා කාලයේ ලංකා හොස්පිටල්ස්හිදී හදිසි හෘදයාබාධයකින් ඇය ජීවිතයෙන් නික්මුණාය.
බෝල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකවූ ඇය කොළඹ විශාඛා විදයාලයේ ආදි ශිෂ්‍යාවකි.
පර්යේෂිකාවක, නාගරික සැලසුම් ශිල්පිණියක, අධ්‍යාපනඥයෙකු, ජනවාර්ගික අධ්‍යයන වේදියෙකු වූ ඇය කොළඹ City School of Architecture හි බාහිර කථිකාචාර්ය වරියක ලෙස කටයුතු කළාය.
වඩා යහපත් රටක් වෙනුවෙන් හීන දුටු නිර්මාණි ඉතා දක්ෂ තරුණ නායිකාවක වූ අතර ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරයේ පරිසර කමිටුව හා සම්බන්ධ වී දැඩි කැපවීමෙන් ක්‍රියාකළ ක්‍රියාකාරිණියකි. අගේ හදිසි වියෝව සමීපතමයින්ගේ කම්පනයට හේතුවී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval