naseri-paris-airport

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි චාර්ල්ස් ඩිගෝල් ගුවන්තොටුපොළ තුළ වසර 18ක කාලයක් ජීවත් වූ ඉරාන ජාතිකයෙකු වන සුප්‍රකට මෙහ්රාන් කරිමි නසේරී එම ගුවන්තොටුපොදීම මියගිය බව එරට බලධාරීන් පවසයි. 1988 වසරේදී ඔහු සිය මව සෙවීම සදහා ඉරානයේ සිට යුරෝපය වෙත පැමිණ ඇති අතර, එහිදී ඇති වූ රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් නිසා ඔහුට ගුවන්තොටුපොළෙන් පිටතට පැමිණීමට නොහැකි විය.

2004 වසරේදී ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිර්මාණය කරන ලද The Terminal නම් සිනමාපටය සදහා පාදක වූයේද නසේරිගේ මෙම සිදුවීමයි. අනතුරුව ඔහු පිළිබදව ලෝක අවධානය යොමු වූ අතර,

ඒ වනවිටත් ඔහු වසර 18ක කාලයක් එම ගුවන්තොටුපොළේ ජිවත්ව තිබුණි.  පසුකාලීනව ඔහුට ප්‍රංශය තුළ ජීවත්වීම් අනුමැතිය හිමි වුවත්, දැනට සති කිහිපයකට පෙරාතුව ඔහු යළිත් සිය සුපුරුදු ගුවන්තොටුපොළ වෙත පැමිණි තිබේ.එහි කල්ගත කරදී ඇති වූ ස්වාභාවික හේතු සමග නසේරි මෙලෙස මිය ගිය බව ගුවන්තොටුපොළ බලධාරීන් පවසයි. 1945 වසරේදී ඉරානයේ. කුසෙස්ටාන් පළාතේදී උපත ලැබූ නසේරී මිය යන විට 77 හැවිරිදි වියේ පසුවිය.