
ඉදිරි සති දෙක ඇතුළත මෙම වැඩකටයුතු ආරම්භ කරන බව මහ බැංකු අධිපතිවරයා පවසා තිබේ.
ඊයේ පැවති අපනයනකරුවන්ගේ හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා තිබුණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසිවලට අනුව අපනයනකරුවන් දින 180ක් ඇතුළත උපයන ඩොලර් ආදායම රටට ගෙනවිත් එම මුදල් රුපියල් බවට පරිවර්තනය කළ යුතුය.
ශ්‍රී ලංකාවේ ඉහළම අපනයනකරුවන් සිය දෙනා අතරින් ඉහත රෙගුලාසිවලට අනුව කටයුතු කරන්නේ අපනයනකරුවන් 27 දෙනෙකු පමණක් බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී පවසා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval