
නියාමන ක්‍රියාවලියක් සකස් කරගැනීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් කරන ලද තොරතුරු කැඳවීමට ප්‍රතිචාර දක්වා ඇත්තේ ජාත්‍යන්තර පාසල් තුන්සිය අනූ දෙකක් අතරින් පාසල් හැත්තෑවක් පමණක් බව අනාවරණය වේ.
තොරතුරු කැඳවීම කර ඇත්තේ ඉකුත් ජනවාරි මාසයේ දී වන අතර ඉන් පසු කොමිෂන් සභාව වරින් වර සිහි කැඳවීම් ද කර තිබේ. එහෙත් සෙසු පාසල් කිසිවක් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි ද එලෙස ප්‍රතිචාර නොදක්වන්නේ ජාත්‍යන්තර පාසල්වල පවතින බරපතළ අඩුපාඩු අනාවරණය වන නිසා බවද අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර මව්බස, ආගම සහ ඉතිහාසය යන විෂයයන් ඉගැන්වීම ජාත්‍යන්තර පාසල්වලට අනිවාර්ය කරමින් ඉකුත් 2013 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද තිබෙන ගැසට් නිවේදනය සම්බන්ධයෙන් මේ දක්වා අමාත්‍යාංශය කිසිදු පසු විපරමක් හෝ කර නෑ. එවැනි ගැසට් නිවේදනයක් නිකුත් කළද එම පාසල් අධීක්ෂණය සඳහා නීතිමය බලයක් මෙතෙක් සකස් වී නොමැති වීම පිළිබඳවද මේ වන විට අමාත්‍යාංශයේ අවධානයට යොමුව ඇත.
ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා අධිකාරියක් පිහිටුවීම සම්බන්ධයෙන් ද අමාත්‍යාංශය සාකච්ඡා කර තිබේ.
නිලන්ත මදුරාවල
Comments
Post a Comment
Your comment will be visible after approval