Beer-is-banned-in-Qatar-World-Cup-stadiums-following-Islamic-law

ඉරිදා (20) සිට මැදපෙරදිග කටාර්හිදී ඇරඹෙන ලෝකයේ වඩාත් අවධානයට ලක්වූ ක්‍රීඩා තරගාවලියක් වන 'ෆිෆා වර්ල්ඩ් කප් ෆුට්බෝල් 2022' සඳහා සත්කාරක කටාර් රාජ්‍යය සිය ඉස්ලාම් නීති අනුව මත්පැන් තහනම් කිරීමට ඉල්ලාතිබුණ අතර මෙය පසුගිය කාලයේ විවිධ සංවාදයන්ට ලක්විය.

මීට මාස තුනකට පමණ පෙර ජාත්‍යන්තර පාපන්දු සම්මේලන තීරණයට අවනතවී මත්පැන් ලබාදීමට කටාර් බලධාරීන්  එකග වී සිටි නමුදු  අවසන් මොහොතේ යළි තීන්දුව ආපස්සට හරවා ගන්නට කටාර් බලධාරීන් සමත්වී තිබේ.

තරඟාවලිය ආරම්භ වීමට දින දෙකකට පෙර ෆිෆා සිය ප්‍රතිපත්තිය වෙනස් කිරීමෙන් පසු කටාර්හි ලෝක කුසලාන ක්‍රීඩාංගණ අටේ මත්පැන් අලෙවි නොකරන බව දන්වා ඇත.

මුස්ලිම් රට තුළ මත්පැන් අලෙවිය දැඩි ලෙස පාලනය කර තිබියදීත්, "ක්‍රීඩාංගන තුළ තෝරාගත් ප්‍රදේශවල" මත්පැන් සැපයීමට සූදානමක් පැවතිණි.
කෙසේ වෙතත් තරඟාවලියේ ක්‍රීඩාංගණවල ආයතනික ප්‍රදේශවල සිටින අයට තවමත් මත්පැන් මිලදී ගැනීමට හැකි වේ.

ලෝක කුසලාන තරඟාවලිය ඉරිදා ආරම්භ වන්නේ කටාරය ඉක්වදෝරය සමඟ තරඟ වදින අවස්ථාවේදීය.

මූලාශ්‍රය: BBC Sport