
විරෝධතාවක නිරත වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනෙකු කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, පිරිමි පුද්ගලයෙකු ඇතුළු කාන්තාවන් 14 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ය.
කාන්තා අයිතීන් වෙනුවෙන් පැවති විරෝධතා පා ගමන මල්පාර දෙසට ගමන් කර ඇති අතර එහිදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
එම විරෝධතාව අතරතුර කාන්තාවක අත්අඩංගුවට ගැනීමේදී ඊට විරෝධය පා ඇති හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval