dubai-ambul-kesel

ශ්‍රී ලංකාවේ සිට විදේශ වෙළෙඳපොළට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය ඊයේ (26) ඩුබායි වෙත අපනයනය කිරීමට කටයුතු කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ රාජාංගණය ප්‍රදේශයේ
අක්කර 500 ක වගා කර තිබෙන ඇඹුල් කෙසෙල් මෙසේ පළමුවරට විදේශ වෙළෙඳපොළට අපනයනය කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.


රාජාංගණයේ ඇඹුල් කෙසෙල් අපනයනය කිරීම සඳහා කොළඹ වොක්සෙල් වීදියේ Development Interplan Ceylon PVT
LTD ආයතනයේ පැවැති වැඩ සටහනක් අමතමින් අමාත්‍යවයා සඳහන් කළේය.
ඩුබායි වෙත අපනයනය කෙරෙන පළමු තොගය වශයෙන් ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500 ක් අපනයනය කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මින් ඉදිරියට සෑම සතියකම සෙනසුරාදා ශ්‍රී ලංකා ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට කටයුතු යොදා ඇත. එමගින් සතිපතා ඩොලර් 10.000 ආදායමක් රටට ලබා දීමට කටයුතු කර ඇතැයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා පැවැසීය.

අංජුල මහික වීරරත්න