da-rajapaksa-ranil-gota

දිවංගත ඩී.ඒ. රාජපක්ෂගේ 55වන ගුණ සමරුව නිමිත්තෙන් ඊයේ (24) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේදී විශේෂ සමරු දේශනයක් පැවැත්විණි.


ඒ සඳහා රාජපක්ෂ පවුලේ  චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ එක්ව සිටියත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගී වී නොසිටීම විශේෂත්වයකි.
 ඉතිහාසයේ පළමු වතාවට රනිල් වික්‍රමසිංහ ඊට එක්වූයේ ප්‍රධාන ආරාධිතයා ලෙසිනි.
මහා විහාර වංශික රාමඤ්ඤ මහ නිකායේ අනුනායක පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී හිමියන් විසින් මුලසුන හෙබවූ ගුණ සැමරු උත්සවයේ දී ගුණ සමරු දේශනය ඇතුළත් කෘතිය ජනාධිපතිවරයාට පිළිගැන්වීමෙන් අනතුරුව ඩි.ඒ රාජපක්ෂ පිළිරුවට මල්දමක් පළඳා උපහාර දැක්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සිදු කරණු ලැබීය.
“එක් තීරයක් – එක් මාවතක් තිරසාර සංවර්ධනයට උගත හැකි පාඩම්” යන මැයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමිත හෙට්ටිගේ මහතා විසින් මෙහිදී ප්‍රධාන ගුණ සමරු දේශනය සිදුකර තිබේ.
පසුගිය මැයි 09 වනදා රටතුළ  කලබලකාරී තත්වය අතරේ තංගල්ලේ ඩීඒ රාජපක්ෂ පිළිරුව විනාශ කර සොහොනට අලාභ කරන්නටත් මැදමුලන නිවසට ගිනි තබන්නටත් කැරළිකරුවන් කටයුතු කර තිබුණි.