ampitiya-ol-student-burn
පසුගියදා මහනුවර අම්පිටිය ප්‍රදේශයේ සාමාන්‍ය පෙළ සිසුවෙකු තම විශිෂ්ට සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ලබාගත් දිනයේම අනපේක්ෂිත ලෙස සහාසිකයෙකු අතින් පිළිස්සීමකට ලක්වූ සිදුවීම සම්බන්ධ විමර්ශනය අනුව සැකකරු අත්අඩංගුවට පත්වූ පසුව මේ වනවිට අලුත් තොරතුරු එළිදරව්වී තිබේ.  මලිත් නිසංසල සංජීව නොහොත් පැතුම් නමැති 26 හැවිරිදි සැකකාර අපරාධකරු පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී පවසා ඇත්තේ අපරාධකරු සහ සිසුවාගේ පියා අතර ගනුදෙනුවක් සම්බන්ධ ඇතිවූ කථාබහක් පැවති බවත් තමාට කප්පම් මුදලක් ගෙවීමට එකී පියාට නියමිතව සිටි නමුත් එය පැහැර හරිමින් සිටි බවයි.

සිද්ධිය වූ දිනයේ අපරාධකරු මේ පියා සහ පුතු එන මග රැක සිට අදාල කප්පම් මුදල ඉල්ලා ඇති අතර එය නොලැබුණ පලිය වෙනුවෙන් පියා ඉදිරිපිට පුතාව ගිනි තබන්නට කටයුතු කළ බව පාපොච්චාරණය කර තිබේ.


එම අවස්ථාවේ  මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කළහොත් එම පවුලම ගිනිතබා මරාදමන බවට තර්ජනය කර තිබෙන අතර පියා පොලිසිය වෙත කටඋත්තර ලබාදීමේදී ඇතිවූ බිය නිසා තොරතුරු වසන් කළේය.
අපරාධකරු ගෙන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබාගත් සිසුවා ගැන විමසූ විට තමා දරුවා පලිහක්කරගත්තා පමණක් බවත් එම සිසුවා විභාගයක් සමත්ව සිටියාදනැද්ද යන්න තමා දැන සිටියේ නැති බවත් පවසා තිබේ.
මෙම අපරාධකරු සහ පොලිසිය අතර සමීප සම්බන්ධතා නිසා මොහු කාලයක් තිස්සේ විවිධ අපරාධවලින් ගැළවී සිටින අයෙකු බවද වාර්තා වී තිබේ.



කලක සිට අම්පිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක මැර කල්ලියක සාමාජිකයෙකු වන ‘නිසංසල‘ නමැති මෙම අපරාධකරු හොරොයින් අයිස් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වන්නෙකි. මීට කලකට පෙර 2021 ජනවාරි මස අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයේ කදුමුදුනකට පුද්ගලයන් දෙදෙනකු රැගෙන ගොස් කුරුසියේ ඇණ ගැසූ සිද්ධියටද සම්බන්ධ අයෙකි.
මෙම පුද්ගලයා සහ පිළිස්සීමට ලක්වූ සිසුවාගේ පියා අතර ඇතිවූ ගනුදෙනුව ගැනද පොලිසිය විමර්ශනයක් අරඹා තිබේ.