
වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ රැකියා නියෝජිතායතන 13ක් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදුන් බලපත්‍රය අවලංගු කර තිබේ.
සේවා ගිවිසුම් කඩවීම් සම්බන්ධයෙන් රැකියාලාභීන් වෙතින් කාර්යාංශය වෙත ලද පැමිණිලි අනුව කාර්යාංශය මෙම තීරණය ගෙන ඇත.එම නියෝජිතායතන හරහා විදෙස්ගත වූවන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීම වෙනුවෙන් ඉදිරිපත් නොවූ රැකියා නියෝජිතායතන කාර්යාංශය සමග ඇති කරගන්නා ලද ගිවිසුම් කඩ කිරීමක්ද සිදු කර ඇති බැවින් අදාළ නියෝජිත ආයතනවල බලපත්‍ර අවලංගු කර තිබේ. එහිදී අධිකරණයෙන් වරදකරුවන් වීම හා අධිකරණය මඟහැරීමටද අදාළ ආයතනවල හිමිකරුවන් කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ට ලබා දී තිබූ කාර්යාංශ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිර්මට කාර්යාංශය කටයුතු කර ඇත.
ඒ අනුව එම්.ඩබ්ලිව්, මර්කන්ට් ප්‍රින්ස්, ඒ.එන් ලංකා එන්ටර්ප්‍රයිසස්, ඇරබියන් ඕවර්සීස් මෑන්පවර් සර්විසස්,ඒඑල් අමල් කම්පැනි සිලෝන් ප්‍රයිවට් ලිමිටඩ්, ඒඑල් සහාරා, ෆයිනාස් ඇසෝසියේටඩ් ප්‍රයිවට් ලිමිටඩ්, ලක්මාල් ට්‍රැවල්ස්, සත්‍යා ෆොරින් එම්ප්ලොයිමන්ට් ඒජන්සි, ශෙහානි රීක්වට්මන්ට්, සහාරා එන්ටර්පයිසස්, ටාරා ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්, සංජනා මෑන්පවර් එක්ස්චෙන්ජ්, ධාකොල් ට්‍රේඩ් ඇන්ඩ් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනවල බලපත්‍ර අවලංගු කර තිබේ.
( නවෝද්‍යා පවනි )
Comments
Post a Comment
Your comment will be visible after approval