sri-lankadefeat-namibia

මෙවර T20 ලෝක කුසලානය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පැවති තරගය ලකුණු 55කින් ජයගැනීමට නැමීබියාව සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් නැමීබියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 163ක් ලබාගත් අතර  ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට පන්දුවාර 19ක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 108ක් පමණි.
පන්දු යවන්නන් සහ පිතිකරුවන්ගේ දුර්වලතා හේතුවෙන් නැමීබියාව සමඟ පැවති තරගය පරාජය වීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කීය.

සුදුසුකම් ලැබීමේ වටයේ මුහුණ දීමට ඇති මීළඟ තරග දෙකේදී හොඳ තරගයක් ලබාදෙමින් ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තුවන බව ඔහු කීය.
ආසියානු තරගාවලියේ දී ද එතරම් ලකුණු අතරට පැමිණීමට නොහැකි වූ ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් කළ විමසීමේදී තවත් අවස්ථාවක් දිය යුතු බවට කණ්ඩායමක් ලෙස තීරණය කළ බැවින් තරගයට දැමූ බවත් ආසියානු කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායම ආත්ම විහ්වාසයෙන් තරග ඩයගනී යයි අපේක්ෂා කළ බවද කීය.
නැමීබියාව සමඟ පැවති මෙම තරගය සැහැල්ලුවට ගත්තේ නැති බවත් ජාත්‍යන්තර මට්ටමේ දී කිසිඳු කණ්ඩායමක් සැහැල්ලුවට ගැනීමක් සිදු නොකරන බවත් දසුන්ගෙන් ඇසූ පැනයකට පිළිතුරු සපයමින් කීය.
ශ්‍රී ලංකාව ලබන අගහරුවාදා UAE සමගද ලබන බදාදා නෙදර්ලන්තය සමගද තරග වැදීමට නියමිතය.