
අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි කොත්තුවක මිල රුපියල් 50 කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.
එහි සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ, වෙළෙඳපොළේ ආනයනික තිරිඟු පිටි මිල අඩු වීමත් සමග මෙම තීරණය ගත් බවයි.
මේ අතර ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 290 දක්වා අඩු වූවත්, පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති එන් .කේ .ජයවර්ධන මහතා සඳහන් කළේ, බේකරි නිෂ්පාදන සඳහා තිරිඟු පිටි සපයන ප්‍රධාන සමාගම් දෙක මෙතෙක් සිය මිල ගණන් අඩු කර නොමැති බවයි.
ඒ හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කළ නොහැකි බව ඔහු පැවසුවේ ය.
Comments
Post a Comment
Your comment will be visible after approval