samith-kalhara-doctor-dies

වෛද්‍යවරයෙකු පදවාගෙන ගිය මෝටර් රථයක් රාජගිරිය ගුවන් පාලම අසලදී පෙරේදා (01) වැනිදා උදේ 8ට පමණ මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරකින් වෛද්‍යවරයා මියගොස් ඇතැයි වැලිකඩ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි සමිත් කල්හාර කොළඹගේ නමැති වෛද්‍යවරයෙකි. කල්හාර මහතා බොරැල්ල කාසල් රෝහලේ සීමාවාසික වෛද්‍යවරයකු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා  පැවැසීය.

මෝටර් රථය තුළ සිරවී සිටි වෛද්‍යවරයා රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොළඹ ජාතික රෝහලට රැගෙන යන ලද අතර වෛද්‍යවරුන්, පරීක්ෂාකර බර ඔහු මියගොස් ඇති බව දැන දුන්නේ යැයි පොලිසිය පවසයි. ඔහු රාජකාරියට වාර්තා කිරීමට සමිත් කල්හාර යන අතර වාරයේ අනතුරට ලක්  වී ඇති බව දැනගැනීමට ඇත. වැලිකඩ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු කණ්ඩායමක්  මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය