rohitha-son-vehicle-police

මහනුවර මහයියාව ප්‍රදේශයේ වාහන ජාවාරමක් සිදු කිරීම නිසා ඊට අවශ්‍ය සැකකරුවෙකු බවටත් ඇමති රෝහිතගේ බෑනා බවටත් හෙලිකරමින් පසුගියදා පොලිසිය සොයමින් සිටි සැකකරු ඒ වනවිටත් වෙනත් වංචාවකට පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බාරයේ සිටි බව මේ වනවිට වාර්තාවේ.


ඔහුව වාහන ජාවාරමට හසුවූ පසු පවුලේ අය වෙත පැමිණි පොලිසියට ඒ ගැන පවුලේ සාමාජිකයින් සඟවා ඇති අතර හේතුව වී ඇත්තේ රිමාන්ඩ් භාරයේ සිටි ඔහු තවත් චෝදනාවන්ට ලක්වූවොත් ඇප ලබා ගැනීමට අපහසුවේයයි ඔවුන් සිතීමය.
පොලිසිය සතුව අත්අඩංගුවට ගන්නා අය ගැන ලිපි ලේඛන තිබුණත් ඒවා ඕනෑම ආකාරයට පරීක්ෂා කළ හැකි දත්ත ගොනුවක් සේ සකස් කර නොතිබීමේ වාසිය මෙම පවුලේ අය ලබාගෙන තිබුණි.


මහනුවර ‘සේරම්‘ නමැති වාහන අලෙවි සල පවත්වාගෙන ගිය මෙම සැකකරු සිය පියාගේ වාහන ව්‍යාපාරයට සම්බන්ධවී සිටි අයෙකි. වාහන විකුණා මුදල් කර දෙන බව පවසා සිය දේපළ තුළ වාහන ප්‍රදර්ශනය කරනවාට කොමිස් මුදලක් ලබාගැනීමට ගිවිසුම්ගතවූ ඔහු කොමිස් මුදල නොව වාහනවල සම්පූර්ණ වටිනාකමම තම ගිනුමේ තැන්පත් කර ගනුදෙනු කරුවන් මගහරිමින් සිටියදී පැමිණිළි ගලා ආවේය.

සේරම් නැමැති මෙම පුද්ගලයාගේ පියාගේ සහෝදරයා විවාහ වී ඇත්තේ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියක සමඟය.
මෙම වාහන ජාවාරම සම්බන්ධයෙන්මුල්ම පැමිණිල්ල පොළොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් ලැබී
ඇති අතර මේ වනවිට වෛද්‍ය වෘත්තිකයින් ඇතුළු කිහිප දෙනෙකු ඔහුට විරුද්ධව පැමිණිලි කර ඇත.