අධි ආරක්ෂිත කලාප ගැසට් නිවේදනය රිවස්

Ad Code

අධි ආරක්ෂිත කලාප ගැසට් නිවේදනය රිවස්


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ගැසට් නිවේදනයක් මගින් අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත්කළ අතර විවිධ විවේචනයන්ට හා ඇතැමුන් නඩු මගට ඒමට එම තීරණය හේතු විය.



එමගින්  කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කෙරුණි. පාර්ලිමේන්තු සංකීර්ණය හා ඒ අවට ප්‍රදේශ,ශ්‍රේෂ්ඨාධිකරණය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා හා පොලිස් මූලස්ථාන, අකුරේගොඩ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදා මූලස්ථානය යන ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස නම් කෙරුණි.

එමෙන්ම කොම්පඤ්ඤවීදියේ පිහිටි ගුවන් හමුදා මූලස්ථානය, මල්පාර,අග්‍රාමාත්‍ය කාර්යාලය, කොල්ලුපිටිය අරලියගහ මන්දිරයට ආශ්‍රිත ප්‍රදේශය, ආරක්ෂක ලේකම් වරයාගේ හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස පිහිටි ප්‍රදේශ ද අධි ආරක්ෂිත කලාප ලෙස එම ගැසට් නිවේදනයේ  නම් කර තිබුණි.

මෙම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු වූ අතර අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත්කරමින් පසුගියදා නිකුත් කළ එම ගැසට් නිවේදනය අද නව ගැසට් නිවේදනයක් මගින් අහෝසි කර ආපස්සට හරවන ලදි.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu