
ස්වර්ණවාහිනී නාලිකාවේ නාලිකා ප්‍රධානි ලෙස කටයුතු කළ රංගන ද සිල්වා මහතා එම තනතුරෙන් ඉවත්කර ඇති බව වාර්තාවේ.
උදෑසන පත්තර වැඩසටහන හා හිත ඉල්ලන තරු නමැති චැට් වැඩසටහනක් නිසා ඔහු වඩාත් ප්‍රකට විය. මින් ඉහත හිරු නාලිකාවේ සේවය කළ රංගන ඊට පෙර ටීඑන්එල් නාලිකාවේ සේවය කර තිබූ අයෙකි.
ඔහුත් සුදේව හෙට්ටිආරච්චිත් එක්වරම හිරු නාලිකාව අතහැර ස්වර්ණවාහිනියට ආ අවස්ථාවේ එම පුවත සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහක් ඇති කළේය.
සුදේව ස්වර්ණවාහිනී ප්‍රධාන විධායක ධූරයේ සිටියදී ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙසද පත්වූ අතර ගෝඨාභය රටහැරයාමේ සිදුවීමෙන් පසු ඔහු එම තනතුරින් ඉවත්විය.
අනතුරුව සුදේව හා රංගන නැවත ස්වර්ණවාහිනීයේ වැඩ කටයුතු කරමින් පසුගිය මාස කිහිපයේ කටයුතු කරමින් සිටි බව වාර්තා පළව තිබුණි.
නමුත් ඉහළින් ආ උපදෙස් මත ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි එම තනතුරෙන් ඉල්ලා අස්වූයේ මීට මාසයකට පමණ පෙරයි. ඔහුගේ පුටුවට වෙනත් අයෙකු පත්කරන්නට ජනපති රනිල් යෝජනා කර තිබූ බවද වාර්තා පළවිය.
අනතුරුව රංගන ද සිල්වාද එම තනතුරෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ඒ දිනවල වාර්තා පළව තිබූ නමුත් ඔහු සති කිහිපයක් රැඳී සිට අද ඉවත් කර තිබූ බව වාර්තාවේ.
ඔහු ඉදිරිපත් කළ ජනප්‍රිය වැඩසටහනක් වන ‘හිත ඉල්ලන තරු’ වැඩසටහන තවදුරටත් ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙන ලෙසට ආයතනයෙන් ඉල්ලීමක් කර තිබූ බවත් පාලනාධිකාරිය ඊට අනුකූලතාව දක්වා නැති බවත් වාර්තා විය.
ස්වර්ණවාහිනියේ සේවයෙන් ඉවත්ව යන රංගන ඊළඟට කවර නාලිකාවකට පිවිසේදැයි වාර්තා පළව නැත.
සම්බන්ධිත පුවත්
වසර 8 කට පෙර රංගනගෙ ආර්ටිස්ට් පාටිය
ස්වර්ණවාහිනියේ පුටු යළි පෙරළි - සුදේව ඉවතට - චතුර ඇතුළට
Comments
Post a Comment
Your comment will be visible after approval