maithri-wicremasinghe-jaffna-tour

ජනාධිපති ආර්යා මෛත්‍රීී වික්‍රමසිංහ මහත්මිය පසුගිය සතියේ ගිය ගමනක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ තොරතුරු පළව තිබේ.


කැලණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්යවරියක ලෙස කටයුතු කරන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට අධ්‍යයන කටයුත්තකට අදාළවඉකුත්දා යාපනය සරසවිය සම්මන්ත්‍රණ සහභාගිවීමට අවශ්‍යවී තිබේ.


ඇය ඒ සඳහා එක්වන බව කල්තියා තොරතුරු පළවූ අතර ගමනට ඇය සහභාගී වන බව දත් සියලු දෙනාම පළමුව විශ්වාස කර තිබුණේ ජනාධිපති ආර්යාව ගුවන් මගින් යාපනය බලා යනු ඇති බවයි.
මේ දක්වා සාමාන්‍යයෙන් ජනාධිපති ආර්යාවන් දුර ගමන් ගියේ ඒ ආකාරයට නිසාය.
 ඒත් අනෙක් අය අපේක්ෂා නොකළ පරිදි පාන්දර 5 ට පමණ ඇය කිසිදු පරිවාර ආරක්ෂාවක් නොමැතිව කොටුව දුම්රිය ස්ථානයට ගොස් තිබු අතර කිසිදු කලබලයකින් තොරව සාමාන්‍ය මගියෙකු මෙන් ඇය දුම්රියට ගොඩ වී ඇත්තේ සාමූහිකව ඒ සඳහා යන්නට සූදානම්ව සිටි පිරිස හමුවීමෙනි.
මෙම ගමන සඳහා එක්වී සිට වී සිටි සෙසු පිරිස් සමඟ දුම්රිය ගමන පිටත්වූ ජනාධිපති බිරිය මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය ගේ මෙම නිරහංකාර හැසිරීම පසුව සමාජ මාධ්‍ය තුළ ඇගයුමට ලක් විය.