
ජොන්ස්ටන් රෝහිත මහින්දානන්ද ඇතුළු තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (03) දිනයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
10 දෙනෙකු කැබිනට් අමාත්‍යවරු ලෙස දිවුරුම් දීමට නියමිත අතර මේ අය සර්ව පාක්ෂිකව නොව එක් පක්ෂයකින් පමණක්තෝරාගත් අයයි. එනම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් තෝරාගත් අයයි.
මෙලෙස දිවුරුම් දීමට නියමිත අමාත්‍යවරුන් අතර ජොන්ස්ටන් රෝහිත මහින්දානන්ද හා නාමල් රාජපක්ෂද මුලින් සිටි අතර නාමල් සිය කැමැත්තෙන් ඉවත්වූ බවට දේශපාලන ආරංචි වාර්තා කළේය.
ජොන්ස්ටන් රෝහිත මහින්දානන්ද මින් ඉහත ඇමති ධූර වලට නම් නොකළේ ජනතා අප්‍රසාදය මැද ඔවුන්ට පෙර තනතුරු ලබාදීම ගැටලුකාරී බව පෙන්නුම් කළ බැවිනි. කෙසේ වෙතත් රජය දැන් කල්පණා කරන්නේ ජනතා විරෝධී අදහස් සමහන්වී ඇති බවකි.
ඒ හේතුවෙන් ඔවුන් කැබිනට් මණ්ඩලයට කැඳවා සේවය ලබාගැනීම වැදගත්වී ඇත. ඉදිරියේදී රාජපක්ෂ නායකත්වය රැකදීමට නම් මොවුන් බලයේ සිටිය යුතු බව පක්ෂය අභ්‍යන්තරයේ මතය වී ඇති අතර ඉහළින් එවන ලැයිස්තු අනුමත කිරීම හැර ජනපතිවරයාට වෙනත් වෙනසක් කිරීමට හැකියාවක් නැත.
ඇමතිවරුන් දිවුරුම් දීම සිදුවන වේලාව සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිතව වාර්තාවී නොමැත.
Comments
Post a Comment
Your comment will be visible after approval