mahsa-amini-death-iran-protests
පසුගිය මාසයේ ඉරාන තරුණියක හිජාබ් නොපැළඳීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව පසුව පොලිස් පහරදීම් නිසා කොමා තත්වයට පත්ව මියයාමේ සිද්ධියෙන් පසු ඉරානයේ මෙන්ම ලොව පුරා මුස්ලිම් ජාතික කාන්තාවන් ඉරානයේ පවතින අනවශය දැඩි ආගමික නීති හෙළාදකිමින් තවමත් උද්ඝෝෂණ පවත්වමින් සිටී.
මේ වනවිට සිද්ධිදාමය හේතුවෙන් මියගිය පිරිස 210 කට ආසන්න බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉරානයේ, මාසයකට ආසන්න කාලයක් තිස්සේ පවතින හිජාබ් විරෝධී විරෝධතා නගර 30 කට ව්‍යාප්ත වී තිබේ. රජය කොතරම් උත්සාහ කළත් උද්ඝෝෂණ නතර කර නැත. මේ අතර ඉරානයේ අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ හිජාබයට විරුද්ධ වන පාසල් සහ විද්‍යාල දැරියන්ගේ මානසික තත්ත්වය යහපත් නොවන බවයි.
ඔහු පැවසුවේ- මේ සියලුම සිසුවියන් මානසික රෝගවලින් පෙළෙන අය. මෙම සිසුවියන් මානසික රෝහලට ඇතුළත් කළ යුතුයි.. එවිට මේ සිසුවියන් අතර වැජඹෙන සමාජ විරෝධී හැසිරීම් නිවැරදි කළ හැකියි යනුවෙනි.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ කුර්දිස්තානයේ හිජාබ් විරෝධී විරෝධතාකරුවන්ට ඉරාන පොලිසිය විසින් වෙඩි තබා විශාලපිරිසක්තුවාලලබන්නට හා මියයන්නට ඇතැයි වාර්තාවිය . කුර්දිස්තානයේ නගර 10ක ප්‍රචණ්ඩ පෙලපාලි දිගටම පවතී. මේ වන විට 210 කට වැඩි පිරිසක් පොලිස් වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත. දෙදහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. කුර්දිස්තානයේ කර්නාම්ෂා නගරයේ දී විරෝධතාකරුවන් පොලිසිය සමඟ  ගැටුමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බදව වාර්තා වේ.

හිජාබ් විරෝධී පෙළපාලි මැඩපැවැත්වීම සඳහා ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයින් යොදවා ඇත . ජනාධිපති ඊබ්‍රාහිම් රහිසිගේ ආණ්ඩුවේ අසාර්ථකත්වය දුටු උත්තරීතර නායක අයතුල්ලා කමේනි දැන් එම ව්‍යාපාරය තලා දැමීම සඳහා විප්ලවවාදී ආරක්ෂකයින් (හමුදාවේ ශාඛාවක්) යොදවා ඇත. බොහෝ විප්ලවවාදී ආරක්ෂක භටයන් කුර්දිස්තානයේ යොදවා ඇත.

සැප්තැම්බර් 13 වැනිදා ඉරාන පොලිසිය විසින් හිජාබයක් නොපැළඳීම නිසා මහසා අමිනී නම් තරුණියක අත්අඩංගුවට ගන්නා ලදී. ඇය දින තුනකට පසු, එනම් සැප්තැම්බර් 16 වන දින මිය ගිවයාය. ඉරාන මාධ්‍ය වාර්තාවලට අනුව අමිනී අත්අඩංගුවට ගෙන පැය කිහිපයකට පසු කෝමා තත්ත්වයට පත් විය. ඇයව රෝහලට ගෙන ගිය අතර අමිනී මියගොස් ඇත්තේ හිසේ ඇති වූ තුවාලයකින් බව වාර්තා විය. පොලිසිය ප්‍රකාශ කළේ අමිනී මිය ගියේ හෘදයාබාධයකින් බවයි.

1979 සිට ඉරානයේ හිජාබය අනිවාර්ය නීති පවතින අතර අගෝස්තු 15 වන දින, ජනාධිපති ඊබ්‍රහිම් රයිසි නියෝග කලේ එය ඇඳුම් පැළඳුම් කේතයක් ලෙස දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසය. වරද දුටු තැන දඩ ද නියම කළේය.
මේ අනුව එරට සදාචාර පොලිස් නිලධාරීන් අමිනී නමැතිතරුණිය අත්අඩංගුවට ගන්නා අතර ඇය පොලිසිය සමග බහින් බස්වීම නිසා ඝාතනය වන තරම් වද දෙන්නට ඇතැයි පැවසිණි.
කෙසේ වෙතත් පරිපාලනයේ බලපෑම් මත ඇයගේ මියයාම සිදුවූ ආකාරය සඟවන්නට පොලිසිය උත්සාහ කළේය. පසුගිය සතියේ එලි දුටු වාර්තාව මගින් පවසා සිටින්නේ මියගිය තරුණිය කුඩා කාලයේ සිට මොළයේ ගෙඩියක් හටගෙන පීඩාවෙන් පැවති බවත් මරණයට එම අසනීප තත්වය බලපා ඇති බවත්ය.
නමුත් ඉරාන ජාතිකයින් වැඩි දෙනෙකු මෙම කතාවිහ්වාස කර නැත. ඉරානයේ පමනක් නොව ලෝකයේ ිවවිධ රටවල ඉස්ලාම් කාන්තාවන් මෙම තරුනිය වෙනුවෙන් පාරට බැස යුක්තිය ඉල්ලා සිටින අතර ඉස්ලාම් කාන්තාවන්ට අනවශ්‍ය තද නීති නොපනවන ලෙස ඉල්ලා සිටී. මෙම විරෝධතාවයේ සංකේතාත්මක කෝපය හඟවන්නක් ලෙස කාන්තාවන් ප්‍රසිද්ධියේ තමන්ගේ කෙස්වැටි කපාගැනීම්ද සිදු කර තිබුණි.
මේ දිනවල ඇමරිකාවේ වාසය කරන බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා මියගිය අම්සා අමිනි වෙනුවෙන් සිය හඩ අවදිකර ඇති අතර ඇය සමාජ මාධ්‍ය ඔස්සේ ‘හිජාබ් විරෝධයට‘ පක්ෂපාතීව කරුණු දක්වා ඇත.