
පසුගියදා ශ්‍රී ලංකාවට කුසලානය දිනාදෙමින් නිමාව දුටු ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට ජයගැනීමට ඇත්තේ ශූන්‍ය අවස්ථාවක් බව පෙන්වාදෙමින් හිටපු ඉන්දීය ක්‍රීඩක හා විචාරක ගෞතම් ගම්භීර් සමච්චල් කර තිබුනේය. ඔහු කියූ දේ වැරදීයාමෙන් පසු සමාජ මාධ්‍ය එල්ල කළ පීඩනය හා පිටියේ ප්‍රේක්ෂකයින් කළ චෝදනා හේතුවෙන් අවසන් තරගය දිනයේ ඔහු තමන් කළ වරදට සමාව ඉල්ලමින් ශ්‍රී ලංකා කොඩියක් අතේ තියාගෙන සුබ පැතුවේය.
මේ සිද්ධියෙන් පසු සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධයට පත් ගාම්භීර්, ශ්‍රී ලංකාව ලෝක කුසලානයට ඒමට පෙර ලංකාවට ප්‍රශංසා කර තිබුණි. ගම්බීර් ස්ටාර් ස්පෝර්ට්ස් වෙත මෙසේ පවසා තිබුණි.
“ශ්‍රී ලංකාව, ආසියානු කුසලානයේදී ඔවුන් ලබා ඇති සාර්ථකත්වයක් නිසා. ඔවුන් ක්‍රීඩා කරන ආකාරය, නියම වේලාවට ඔවුන් උච්චස්ථානයට පැමිණි ආකාරය විශිෂ්ටයි.
ඒ වගේම චමීර සහ ළහිරු කුමාර පැමිණීමත් සමඟ ඔවුන් බොහෝ දුරට ඔවුන්ගේ ස්ථාන ආවරණය කරගනු ඇත. ඔවුන් තර්ජනයක් වනු ඇත, එබැවින් ඔවුන් විස්සයි20 ලෝක කුසලානයට විශාල විශ්වාසයක් ලබා ගැනීමට නියමිතය, ”
කෙසේ වෙතත් බොහෝ අය මවිතයට පත්කරමින් තරඟාවලියේ ආරම්භක තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාවට පරාජයට පත්වූ පසු වෙනස් අදහසක් දක්වා තිබේ. රූපවාහිනී වැඩසටහනකදී ගාම්භීර් පැවසුවේ මෙසේය.
'මෙය මෙතෙක් පැවති විවෘතම ලෝක කුසලානයයි. ඕනෑම කණ්ඩායමකට ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකිය. නැමීබියාව පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කරමින් මෙය කර ඇත.
සමස්තයක් ලෙස ගත් කල, මෙය සැබෑම ලෝක කුසලානයක් වීමට නියමිතයි. සැබෑ දක්ෂයා ඉහළට ඒමෙන් එහි ස්වරූපය බොහෝ උඩු යටිකුරු වන අතර මින් ඉදිරියට කිසිවකුට නිශ්චිත කණ්ඩායමක් ශූරයා යැයි කිව නොහැකිය. මෙය මෙතෙක් පැවති විවෘතම ලෝක කුසලානය වනු ඇත.‘
Comments
Post a Comment
Your comment will be visible after approval