digawapi-statue

දිඝවාපී පුරාණ රජමහා විහාරයේ චෛත්‍යය ඉදිකිරීම සඳහා ගඩොල් කැපීමට ගෙනා පස් ගොඩක් තුළ තිබී අඩියක් පමණ උස බුද්ධ ප්‍රතිමාවක් හමුවූ බව දීඝවාපී පුරාණ රජමහා විහාරාධිපති මහඔය සෝභිත හිමියෝ පැවසූහ. දීඝවාපි චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු දැනට කරගෙන යන අතර ඒ සඳහා ගඩොල් කැපීම දීඝවාපි පුරාවිද්‍යා ගොඩනැගිල්ල ඉදිරිපිට  ඇති සිවිල් ආරක්ෂක වැඩපොළේදී සිදුකරයි.

එම ගඩොල් කැපීම සඳහා පස් දීඝවාපිය පූජාභූමිය ප්‍රදේශයෙන් ප්‍රවාහනය කරන අතර එම පස්වල තිබී මෙම බුදුපිළිමය හමුවී තිබේ.

පසුව මෙම බුදුපිළිමය අම්පාර පුරාවිද්‍යා කාර්යාලයට ගෙනැවිත් ආරක්ෂිත සේප්පුවේ තැත්පත් කර ඇති අතර මෙම බුදුපිළිමයේ කාලවකවානු දැනට පැවසීමට නොහැකි බව නැගෙනහිර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ එම්.ජී. රත්නපාල මහතා පැවසීය. දැනට පස් කපන ස්ථානයේ පස් කැපීම තාවකාලිකව නැවැත්වීමට පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.


වසන්ත චන්ද්‍රපාල