
දඹුල්ල පොලිස් වසමේ පිහිටි නිවසකට කඩා වැදී එම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනකු දුෂණය කිරීමට තැත් කළ බව කියන මුහුණු ආවරණය කරගත් දෙදෙනකු සමඟ පොරබදා බලවත් පරිශ්‍රමයක් යොදා ඔවුන්ගේ
උත්සාහය ව්‍යර්ථ කිරීමට එම සහෝදරියන් දෙදෙනා සමත්ව ඇතැයි දඹුල්ල මූලස්ථාන පොලිසිය පවසයි. පසුව එම පුද්ගලයන් දෙදෙනා සහෝදරියකට අයත් රුපියල් 3800 ක මුදලක් සහිත පසුම්බියක් පැහැරගෙන පලාගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මේ ගැන කිසිවකුට නොකියන ලෙස සහෝදරියන් දෙදෙනාට තර්ජනය කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. සැකකරුවන්ගේ තර්ජනයට බිය නොවූ සහෝදරියන් දෙදෙනා මේ බව දඹුල්ල මූලස්ථාන පොලීසියට පැමිණිලි කර ඇත. පොලීසිය පරීක්ෂණ පවත්වා හෙළි වූ තොරතුරු මත මෙම සිද්ධියට සම්බන්ධ බව කියන දඹුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පෙරේදා 26 සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අනෙක් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට දඹුල්ල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පුළුල් පරික්ෂණ පවත්වති.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval