world-cup-updates

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තවත් තරගයක් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව සිඩ්නිහිදී හෙට (29දා ) ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව තරග වදින 'ඒ' කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන අනුව (අද පැවැත්වෙන ඇෆ්ගනිස්තානු-අයර්ලන්ත තරගය සහ ඔස්ටේ‍්‍රලියානු-එංගලන්ත තරග පැවැත්වීමට පෙර) නවසීලන්තය ප්‍රසාද ලකුණු 03ක් ලබමින් (තරග 02ක් ක්‍රීඩා කර එක් තරගයක් ජය ගනිමින් පෙරමුණ හිමි කරගෙන තිබූ අතර, ශ්‍රී ලංකාව එහි දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 02ක් (තරග 02ක් ක්‍රීඩා කර එක් තරගයක් ජය ගනිමින්) ලබමිනි.



ඒ අනුව ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඇෆ්ගනිස්තානය, අයර්ලන්තය, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව යන රටවල් අතර 'ඒ' කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකර ගැනීමට සටනක් නිර්මාණය වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව හමුවේ ලද අමිහිරි පරාජය අමතක කර, මෙම තරගය තවත් අලුත් තරගයක් සේ සිතා ක්‍රීඩා කළ යුතුය. ඔස්ටේලියානු තරගයේ සිදුවූ සුළු අත්වැරදීම් මෙම තරගයේදී සිදු නොවීමටත්, විශේෂයෙන් නායකයා වශයෙන් දසුන් ශානක පන්දු යවන්නන් මාරු කිරීමේදී සිදුකළ වැරදි පිළිබඳව තවදුරටත් අවබෝධ කරගත යුතුය. ඔස්ටේ‍්‍රලියානු තරගය ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගිය ප්‍රධානතම සාධකය වනුයේ ඔස්ටේලියානු ඉනිමේ 14වැනි පන්දුවාරය යොමු කිරීමට දසුන් ශානක තීරණය කිරීමයි. එම අවස්ථාවේදී මහීෂ් හෝ ලහිරු පන්දු යැවීමට යොදා ගත්තේ නම් තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබුණි.

ඔස්ටේ‍්‍රලියාව ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳ රිමයක සිටි පන්දු යවන්නන් දෙදෙනා වූ වනිඳු හසරංගට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් මහේෂ් තීක්ෂණ හමුවේ

ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කළේය. කෙසේ වෙතත් මෙම තරගයේදී වනිඳු තමාගෙන් ගිලිහුණු රිය නැවත ලබාගත යුතුය. ඊට හේතුව වනුයේ නවසීලන්ත පිතිකරුවන් දඟපන්දු හමුවේ එතරම් ද සාර්ථකව ක්‍රීඩාකරන කණ්ඩායමක් නොවන හෙයිනි. එනිසා තෙවැනි විශේෂඥ දඟපන්දු යවනා වශයෙන් ධනංජයට පන්දුවාර  04ක් යැවීමට අවස්ථාව ලබාදිය යුතු අතර, අසලංකටද පන්දුවාර කිහිපයක් යොමු ද කිරීමේ අවස්ථාව ලබාදිය යුතුය.


සිඩ්නි ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට වාසිදායක ක්‍රීඩාංගණයක් වන අතර ද සත්කාරක ඔස්ට්‍රේලියාව පවා සමහර අවස්ථාවලදී මෙම ක්‍රීඩාංගණයේදී ශ්‍රී ද ලංකාව හමුවේ පරාජයට පත්ව ඇත. ද එහෙයින් වැඩි ශ්‍රී ලංකා ප්‍රේක්ෂක සහභාගිත්වයක් සමගින් ශ්‍රී ලංකාවට ද මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ද හිමිවීම මවුබිමේදී ක්‍රීඩා කරනවා සේ  දැනෙනු ඇත. එම වාසිය ශ්‍රී ලංකාව මෙම තරගයේ ජයග්‍රහණයට උපරිමයෙන් භාවිත ද කළ යුතුය.අප පසුගිය ඔස්ට්‍රේලියානු තරගයට  පෙර පවසා සිටියේ, ශ්‍රී ලංකා ප්‍රමුඛ ද වේගපන්දු යවන්නන් කිහිපදෙනෙකුම මෙම තරගාවලියේදී ආබාධවලට ලක්ව ද සිටින නිසා ලහිරු කුමාර ඔහුගේ වගකීම ද හරිහැටි තේරුම් ගනිමින්, තරග දිනවන  පන්දු යැවීමකට යොමු විය යුතු බවයි. ළහිරු ඒ ආකාරයෙන්ම පරිණත පන්දු  යවන්නෙකු සේ ඔහුගේ කාර්යභාරය අකුරට ඉටුකිරීම නවසීලන්තයට හිතකර නොවනු ඇත.

විශේෂයෙන් ළහිරුගේ පන්දුවල ද ඇති වේගය සහ ඉපිලීම නිසා නවසීලන්ත  පිතිකරුවන් මෙල්ල කර ගැනීම එතරම්ම  ඔහුට අපහසුනොවනු ඇත.  නවසීලන්ත පිතිකරුවන් අතරින් නායක කේන් විලියම්සන්ගෙන් ශ්‍රී ලංකාව ප්‍රවේසම් විය යුතුය. ඔහු මේ වන විට ලකුණු අතර නොමැති නිසා මෙම තරගය ලකුණු අතරට පිවිසීමට උපයෝගී කර ගනු ඇත. කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක මේ වන විට ලකුණු අතර සිටින නිසා ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු කරුණ වනුයේ මැදපෙළින් ඉක්මනින් ලකුණු නොලැබීමේ ගැටලුව පිළිබඳවයි. විශේෂයෙන් ධනංජය ද සිල්වා,

චර්ත අසලංක සහ භානුක රාජපක්ෂ මෙය තරයේ අවබෝධ කරගෙන ක්‍රීඩා කළ යුතුය. භානුක රාජපක්ෂ සහ නායක දසුන් ශානක ඉතා ඉක්මනින් ලකුණු ඉඩෝරයට තිත තැබිය යුතු අතර,

මෙම තරගය ශ්‍රී ලංකාව ජයගත යුතුම තරගයක් නිසා එය සිහියේ තබා ගනිමින් ඔවුන් දෙදෙනා ක්‍රීඩා කළ යුතුය. ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ලොකුම හිසරදය බවට පත්ව ඇත්තේ ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීමයි. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධ ලැයිස්තුව 05ක් දක්වා ඉහළ ගොස් තිබේ. මීට එක්වූ නවතම ක්‍රීඩකයා වනුයේ බිනුර ප්‍රනාන්දුය. බිනුර වෙනුවට අසිත ප්‍රනාන්දු නම් කර ඇති අතර, ඊට අයිසීසී අනුමැතියද හිමිව තිබුණි. මේ වන විට ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි20 තරග 19ක් පවත්වා ඇති අතර, ඉන් තරග 07ක් ශ්‍රී ලංකාවද තරග 10ක් නවසීලන්තයද ජයගෙන එක් තරගයක් ලකුණු සමව සහ  තවත් තරගයක් තීරණයක් නොමැතිව නිමාවට පත්ව ඇත.


(පැතුම් ශ්‍රී විජේරත්න )