cricket-world-cup-2022-updates

ඕස්ට්‍රෙලියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානයේ අද බී කාණ්ඩයේ තීරනාත්මක තරගය බටහිර ඉන්දීය කොදෙව් පිල හා අයර්ලන්තය අතර පැවැත්විණි.
එහිදී මුලින් ක්‍රීඩා කළ කොදෙව්වන් ලබාගත් කඩුළු 5 ට 146 ඉලක්කය එක් කඩුල්ලක් ලබා ඕවර 17.3 දී පසුකරයන්නට අයර්ලන්තය සමත් විය. පෝල් ස්ට්‍රිලින්ග් 66 ක් ලබාගත්තේ 4 පහර 6 ක් හා 6 පහර 2 කිනි.
මේ අනුව පොයින්ට්ස් ටේබල්හි ලකුණු 4 ක් ලබා මුලට ආ අයර්ලන්තය සුපිරි 12 වටයට පිවිසි අතර බටහිර ඉන්දීය කොදෙව් පිල මෙවර ලෝක කුසලානයෙන් පරාජයට පත්ව සියරට යාමට සිදුවිය.
කොදෙව්වන් මින් ඉහත ලෝක කුසලාන ජයග්‍රහණයක් අත්කරගත් පිලක් වීමද විශේෂිතය.
අද ඊළඟට පැවැත්වෙන තරගයෙන් ස්කොට්ලන්තය හා සිම්බාබ්වේ රටවල් දෙකින් එකක් සුපිරි 12ට තෝරාගන්නට නියමිතය.
පොයින්ට්ස් ටේබල් හා ලකුනු පුවරු පහතින්