covid-death-threat

දැන් දැන් අඩු වයස් සහිත පුද්ගලයන් වැඩිපුර මරණයට පත්වීමේ ප්‍රවණතාවයක් මතුව ඇතැයි ඔබට සිතෙනවාද? මෙපමණ අඩු වයසින් පුද්ගල මරණ සිදුවීමට හේතු ලෙස බොහෝ විට මතුවන් බෝනොවන රෝග වුවත්, බොහෝ දෙනාගේ සැකය එල්ල වනුයේ මේ සියල්ල ඇතිවන්නට හේතුව කෝවිඩ් රෝගය සඳහා ලබාගත් එන්නතද යන්නයි. සැබැවින්ම කෝවිඩ් එන්නතෙහි අතුරුඵලයක් ලෙස මෙසේ බෝනොවන රෝග ඉස්මතු වීමේ සහ ඒවායින් මරණයට පත්වීමේ නව ප්‍රවණතාවයක්  මතුව තිබෙනවාද? අපි මේ සම්බන්ධ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකගෙන් අදහස් විමසුවෙමු. උතුරු කොළඹ ශීක්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය යමුනා සේනාධීර දැක්වූ අදහස් මෙසේය.



සාමාන්‍යයෙන් කෝවිඩ් 19 ස්වසන රෝගය නැති නම්, එම වසංගත තත්ත්වය සම්බන්ධයෙන් එක්නක්කරයට යොමු වීම ලෝකයේ බොහෝ රටවලට මුහුණ දක්නට සිදු වූ දෙයක්. නමුත් මේ එන්නත් කිසිම රටකට වෙන වෙනම නිපද වූ ඒවා නෙවෙයි. අප රටට වගේම ඒවා වෙනත් රටවලත් භාවිතයට ගත් නමුත්, අප රටේ මෙත් ආන්දෝලනාත්මක කතාබහකට ලක්වූවක් නවයි. ලෝකයේ කිසියම් රටක ඖෂධයක් නිපදවීමේ ක්‍රියාවලිය ආවාට ගියාට සිදුවන්නක් නෙවෙයි. එමෙන්ම ඖෂධයක්, එන්නතක් නිපදවීමෙන් පසු එය මනුෂ්‍ය ශරිරය සදහා නිර්දේශ කරන්නට පළමුව අතිශය ද සියුම් ලෙස පරික්ෂාවට ලක් කෙරෙනවා. සාමානයෙන් ඕනෑම කෙනකුට ඕනෑම ඖෂධයකට හෝ එන්නතකට අසාත්මිකතා ඇතිවෙන්නට අවස්ථාව පවතින බව සත්‍යයක්. නමුත් එය කරගත වීම සිදුවනවා යැයි සිතීම මුලාවක්.

යම්කිසිවකට අසාත්මිකතාවයක් ඇතිවීම සිදුවන් ඖෂධය හෝ යම් ආහාරයක් භාවිතයෙන් පැය ගණිතය අවමන් වුවත්, මාස ගණින්, අවුරුදු ගණන් පසුවත්තට හැර එවැත්තක් සිදුවන්නේ නැහැ. එහයින් බෝ නොවන රෝග ඇති වී ඒවායින් මරණ බහුලවීමට හේතුව කෝවිඩ් එන්නත යයි සිතීම පදනමක් නැති බව මුලින්ම අප පිළිගත යුතු කරුණක්. සාමාන්‍යයෙන් ඖෂධයක් හෝ ආහාරයක් අසාත්මික වීමත් අසාත්මිකතාවල තීවු අවස්ථාවක් ඇතිවීම අප හදුන්වන් අනෆිලස් නමින්. මෙවැනි තත්වයක් ඇතිවීමට එම ඖෂධය හෝ ආහාරය භාවිත කර පැය ගණනක් හෝ දිනක් දෙකක් ඇතුළත කාලය  ප්‍රමාණවත්.

එසේ නම් මත කාලයේ බෝ නොවන රෝග එනම් දියවැඩියාව, අධිරුධිර පීඩනය. හෘදයාබාධ, ආඝාත, පිළිකා, ස්වසන රෝග ආදිය වඩි බවක් දකිත්තටත්, ඒවායින් අත් කවරදාකටත් වඩා මරණ සංඛ්‍යාවක් වයසින් අඩු පුද්ගලයන් අතරත් දකිත්තටත් හේත්තුව කුමක්ද?

බොහෝ බෝ නොවන රෝග ආහාර සහ පුද්ගලයන්ගේ ජීවන රටා හේතුකොට ගෙන බහුලව මතුවන මෙවන් කාලයක, ආහාර සහ ජීවන රටාවේ වෙනස්කම් හැරුණුකොට බොහෝ දෙනකු සැලකීමක් නොදක්වන වැදගත්ම කරුණක් තිබෙනවා. එය ශාරීරික ක්‍රියාවක් නොවන නමුත් සියලුම ශාරිරීක තත්වයන්වලට එක එල්ලේම බලපාන අතිශය වැදගත් කරුණක්. එනම් මානසික නිරවුල් බවයි. බොහෝ දෙනා ස්ට්‍රෙස් යනුවෙන් හඳුන්වන මානසික ආතතිය මරණය කැදවන ලෙඩ රෝග රැසකට මුල්වවන එක් හේතුවක් බව වද්‍ය විද්‍යාවෙන් තහවුරු වන අවස්ථා තිබෙනවාද යන්න දැන් ඔබට සැකයක් මතුවනු ඇති. බොහෝ දෙනා දියවැඩියා රෝගයට හේතුව හෝමෝන ක්‍රියාවලියක් බව දන්නා නමුත්, එයට ආහාර ආදිය ප්‍රවේශමීර ගත යුතු බව පිළිගන්නවා. නමුත් මානසිකව නිරවුල්ව,


නිරෝගීව සිටිය යුතු බව පිළිගත් සහ සිතන්නේ අඩුවෙන්. රුධිරූයේ සීනි ප්‍රමාණය මෙපමණක් යැයි සිතා කළ හැකි වූවක්ද නොවන බැවින්, ආතතියට පත්වූ විට එයට දිනත් දින එක් වන අනකුත් ගැටලු හරහා තව තවත් තීව්‍ර වන බව පුද්ගලයෙකුට දැනට පුළුවන්. දින දින එස් මනසට පීඩාකාරි දේ එකතු වීම බෝ නොවන රෝගයට අලුතින් ගොදුරුවන්නන් හා දැනටමත් බෝ නොවන රෝගයට ගොදුරු වූ පුද්ගලයන්ට රෝග තත්වයන් උත්සන්න කිරීමට හේතු කරලා සපයනවා. එමෙන්ම සමහරුන් නොදැනීම ඩිප්‍රෙෂන් තත්වයන් කරාද ළගා වීමට මානසික වකුල තත්වයන් හේත්තු කරලා සපයන්නට ඉඩ තිබෙනවා. මෙකල අඩු වයස්වල පසුවන්ගෙන් බෝ නොවන රෝග ආශ්‍රිත මරණයට ගොදුරු වීම වැඩි වීමට ඍජුවම නැතත්, වක්‍ර ලෙස හෝ ඔවුන්ගේ මානසික ආතතිය බලපා ඇති බව පැහැදිලි කරුණක්. කරුණු මෙසේ නම්. තව තවත් මානසික ආතතිය සම්බන්ධයෙන් කරුණු කාරණා ගෙනහැර දක්වනවාට වඩා මේ තත්වයන්ගෙන් බැහැරවක්නට ඔබ කුමක් කළ යුතුද යන්න විමසා බැලීම වැදගත්. බොහෝ විට තමන් ගත සිතනවා යන්න අප අදහස් කරන් මානසික ආතතියෙන් මිදී පිළියම් සම්බන්ධයෙන් ක්‍රියාකාරී වනවා සත්තයි.




නමුත් බොහෝ දෙනා සිරුර වෙනුවෙන් කිසියම් ආහාරයක් ගන්නට කාලය යෙදුවත්, මනස වෙනුවෙන් දිනපතා කිසියම් ආකාරයක ක්‍රියාවක් සිදුකළ යුතුව තිබේ. මෙහිදී ඔබේ ආගම, ඔබේ විනෝදාශ යනාදියට විසල් මෙහෙයක් ඉටුකළ හැකියි. විනෝදාශ ලෙස සමහර රූපවාහිනිය නරඹිම, ගුවන් විදුලියට සවන් දීම වැනි ඒවා තෝරා ගත්තවා නම් ඒවායේ විකාශනය වන වැඩසටහන් අතරින් තමන්ට මානසික ලිහිල් බවක් ඇතිකරන වැඩසටහන් තෝරා බේරා ගැනීමට ප්‍රවේශම් වෙන්න. ප්‍රචණ්ඩත්වය සහ මනසේ ව්‍යාකූල බව ඇතිකරන වැඩසටහක්වලින් අදම ඔබේ මානසික සහනය මෙම සිතුවිලිවල ලිහිල් බව ඇති කිරීමට හේතුවනු ඇති. විනෝදාංශයක් යයි කීවිට එයින් ඔබ ලැබිය යුතු වන් කිසියම් සැහැල්ලුවක්, සතුටක් තමයි. යම් අයුරකින් එවැනි දෙයක නිරත වීමෙන් පසුවත් ඔබට ඇතිවන පීඩනයක් නම්, ආතතියක් නම් එයින් අදත්වීමට දෙවතාවක් නොසිතන්න. මිතුරන් ඇසුර, පතපොත ඇසුර මෙන්ම කලා නිර්මාණයක ඇසුරද. මේ ආකාරයෙන්ම සිතට සහනය ගෙන දෙන ආකාරයේ සීමාවත්වල රදවා ගත්ත. දුරකථනයට වඩා හොතික වශයෙන් ඔබට දැනෙන මිත්‍ර සබදතාද ආතතියත් ඔබ නිදහස් කරනු ඇති.

එදිනදා සිතට ආතතිය කැඳවන සිදුවීම් බැහැරකරන්න. ඒවා සම්බන්ධයෙන් දිගින් දිගට සිතීම ආතතිය පීඩනය වර්ධනය කිරීමක්. ආහාර සම්බන්ධයෙන් ඔබට යම් රටාවක් පවත්වා ගන්නට මෙකල අපහසු යයි දැනගත්තට පුළුවන්. ඔබේ හිතමිතුරන් සමග එක්වී සතුටින්, විනෝදයෙන් ආහාර ගැනීමට සම්බන්ධ වෙන්න. ආතතිය තුළින් ඔබ නොයෙක් ලෙඩ දුක් හඹා යනවාට වඩා හැකි සෑමවිටම ඔබේ සිතට සහනයක් කැදවන ආකාරයේ සිදුවීම් හා පැවතුම් ලුහුබදින්න. මානසිකව ආතතියට පත්වන්නට මුල් වන හේතු කරලා අනන්තවත් ඔබ වටා පවතියත්, සොයා ගත්තට උවමනා නොවූවත්, ආතතියෙන් තොර වන්නට අවශ්‍ය දෑ සොයා යා යුතුමයි. එයින් ඔබට රෝග පීඩාදියන් බොහෝදුරට බේරි දිඝායු  විඳින්නට හැකි වේවී.

උතුරු කොළඹ ශීක්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය යමුනා සේනාධීර
(සටහන - නාලිකා රාජපක්ෂ)