harshani-buddika-dharmawicrema

බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම මහත්මියගේ අභාවය හේමාස් රෝහලේ වරදින් සිදු වූවක් නොවන බව එම රෝහල සිදුකළ විමර්ශනයෙන් තහවුරු වු බව රෝහල දන්වා සිටියි. බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම මහත්මිය අකල් මරණයකට ගොදුරුවීම සහ ඒ හේතුවෙන් ඇයගේ පවුලේ සාමාජිකයන්ට ඇතිවූ සිත් වේදනාව සම්බන්ධයෙන් හේමාස් රෝහල් සමූහයේ කළමනාකාරීත්වය සහ කාර්යමණ්ඩලය සිය බලවත් ශෝකය පළ කර සිටින බව පවසයි.





බුද්ධිකට ප්‍රතිකාර කිරීමේදී සිදුවී ඇතැයි කියන අතපසුවීම් සහ වැරදි සම්බන්ධයෙන් විවිධ වාර්තා පළවිය. ඒ සම්බන්ධයෙන් වහා විමර්ශනයක් සිදු කිරීමට හේමාස් රෝහල් සමූහයේ සායනික පාලන මණ්ඩලය කටයුතු කළේය. එහිදී අනාවරණය වූයේ, වෛද්‍යවරයාගේ ඉල්ලීම මත රෝගියා උතුරු කොළඹ ශික්ෂණ රෝහලට මාරු කිරීමෙන් දින 22කට පසුව සිදුවූ මෙම මරණයට හේතුව, වත්තල හේමාස් රෝහලේ සායනික වරදක් හෝ අතපසුවීමක් නොවන බවය. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රතිඵල ලැබෙන තුරු, උතුරු කොළඹ ශික්ෂණ රෝහලට අනියුක්ත ශල්‍ය වෛද්‍යවරයෙකු වන අදාළ වෛද්‍යවරයාගේ සේවය ලබා නොගැනීමට හේමාස් රෝහල් සමූහය තීරණය කර ඇත. 



harshani-buddika-dharmawicrema