basil-ranjith


මහනුවරදී ඊයේ (12 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මෙසේ කීය.
 


‘‘බැසිල් රාජපක්ෂ මහතා කරන්නේ කාටවත් ඕනෑ දේවල් නොවෙයි, මේ පක්ෂයට හා පාක්ෂිකයන්ට අවශ්‍ය දෙයයි. එහෙම නැතුව කාටවත් අවශ්‍ය විදියට මේ පක්ෂයේ වැඩ වෙන්නේ නැහැ. 2016 වසරේ අපේ රෙදි ගලවලා මහ පාරේ ඇවිද්දවනවා කිව්වා. නමුත්, බැසිල් රාජපක්ෂ මහතා මේ පක්ෂය ආරම්භ කළා. ශක්තිමත් පක්ෂයක් හැදුවා. ඒ නිසා දේශපාලන වශයෙන් බැසිල් රාජපක්ෂ භූමිකාව ඝාතනය කරන්න පුළුවන්කමක් නෑ.

ඇතැම් අය කියන විදියට බැසිල් මහත්තය තිරය පිටුපස ඉඳලා නොවෙයි පක්ෂයේ කටයුතු මෙහෙයවන්නේ තිරය ඉදිරිපස ඉඳලයි. අපි අභියෝගවලට මුහුණ දෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි මේ රටේ තවදුරටත් ප්‍රබලම පක්ෂය. මේ රටේ ව්‍යවස්ථාදායකය හසුරවන්නේ අපි. තාවකාලික පසුබෑමකට ලක් වුණා. ඒක වුණේ අපේ වරදින්ම කියලා කියන්න බෑ. අරගලය පිටිපස්සේ ඉන්නේ කවුද කියලා දැන් රටට හෙළි වෙලා තියෙනවා.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වගේම බහු පක්ෂ දේශපාලනය වැළලෙන්න අපි ඉඩ දෙන්නේ නෑ. අපි කළුතරින් නව ගමනක් පටන් ගත්තා. 16 වැනිදා මහනුවරට එනවා. අනුරාධපුරයට, පොළොන්නරුවට වගේම රට වටේම ගිහිල්ලා නව වැඩපිළිවෙළ ගැන පාක්ෂිකයන් හා මහජනතාව දැනුවත් කරනවා. බහු පක්ෂ ක්‍රමය හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගමු කියල අපි රටේ ජනතාවට කියනවා.’’



අද ගල් අඟුරු, ඉන්ධන වංචා ගැන නිතර කතා වෙනවා. අධිකරණයකින් වැරැදිකරු කරනකම් මේ චෝදනා තියෙන අය නිවැරැදිකරුවන් බවයි අපි හිතන්නේ. හැබැයි වැරැදිකරුවන් වුණොත් තරාතිරම නොබලා දඬුවම් ලබා දිය යුතුයි’’