
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට නොබෝ දිනකින් මෙරටට පැමිණීමෙන් පසුව පොදුජන පෙරමුණට නායකත්වය ලබාදෙන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පවසයි.
පොළොන්නරුව - ගිරිතලේ ප්‍රදේශයේ පැවති පාක්ෂිකයන්ගේ හමුවකට එක්වෙමින් ඔහු මෙසේ කීය.
නාමල් ජොන්ස්ටන් ආදීන් සහභාගීවූ මෙම රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකයා ලෙස රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පත් කිරීම ද විහේසිතය. මීට පෙර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස කටයුතු කළ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මේ රැස්වීමට පැමිණියේ නැත.
‘අපට පොහොර තෙල් අඩුවෙලා යම් ප්‍රශ්නයක් වුණා තමයි. හැබැයි ඒකට වග කියන්න ඕන යහපාලන ආන්ඩුව.
ගෙවල් ගිනිතියපුවා අපි ඉවසනවා. මගේ දූ නැතිවුණ එක ඉවසපු මට මේකමොකක්ද..
දැනටත් රටේ විශාලම පක්ෂය අපේ එකත බැසිල්‍ගේ නායකත්වයෙන් අපට ඉදිරියේ නැවත ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්‘ සිරිපාල ගම්ලත් මෙහිදී කීය
Comments
Post a Comment
Your comment will be visible after approval