
ශ්‍රී ලංකාව තුළ සිදුකරන යටිතල පහසුකම් කොන්ත්‍රාත් ලබාගැනීම සඳහා මෙරට නිලධාරින් වෙත අල්ලස් ලබාදීමේ චෝදනාවට ලක් වූ ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනකු ඊයේ (11දා) දිනයේදී එරට අධිකරණයට ඉදිරිපත් කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම ඔස්ට්‍රේලියානුවන් දෙදෙනා වයස අවුරුදු 61 සහ 71 යන වයස්වල පසුවන්නන් බවද සඳහන් වෙයි. ඔස්ට්‍රේලියානු පොලීසිය දශක ගණනාවක් පුරා රටවල් කිහිපයක සිදු කළ විමර්ශනයකින් අනතුරුව පසුගිය මාසයේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.මෙම පුද්ගලයන් දකුණු ආසියාතික රටවල විෂමාචාර චෝදනා එල්ල වී ඇති සමාගමක සේවය කර ඇතැයිද මෙහිදී අනාවරණය වී තිබේ. වාර්තාවලට අනුව 2017 වසරේදී ලෝක බැංකුව අදාළ ආයතනයට සහ ඉන්දියාවේ, බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ එම සමාගමට අනුබද්ධ ආයතන හතරකට, අදාළ රටවල කොන්ත්‍රාත්තු කිසිවක් සඳහා ලංසු තැබීම තාවකාලිකව තහනම් කර ඇතැයිද පැවසෙයි. ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියට අනුව, මෙම පුද්ගලයන් 2009 සිට 2016 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ රජයේ නිලධාරින්ට ඔස්ට්‍රේලියානු ඩොලර් 304,000කට අධික අල්ලස් ලබා දී ඇතැයිද සඳහන් වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval