SLIM-is-an-initiative-to-give-high-international-value-to-Sri-Lanka

ශ්‍රි ලංකාව ජාත්‍යන්තරය තුළ ජාතික සන්නායමයක් බවට පත් කිරිම සදහා සිය පූර්ණ දායකත්වය ලබාදෙන බව ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය (SLIM) පවසනවා.එහි සභාපති නුවන් ගමගේ මහතා සදහන් කරන්නේ ලොව බොහෝ රටවල් දියුණුව කරා ගමන් කර ඇත්තේ ජාතික සන්නාමකරණය තුළින් බවයි. සියළු දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශයන් තුළ ජාතික සන්නාමකරණය සදහා ප්‍රමුඛතාවයක් ලබාදිය යුතු බව පෙන්වා දෙන ඔහු සදහන් කරන්නේ මේ සදහා නායකත්වය ලබාදීමට සියළු දේශපාලන පක්ෂ සදහා ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය සහය වන බවයි.

ජාතික සන්නාමකරණය අගයනු ලබන Brand Finance (බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස්) දර්ශකයේ ලොව සියළු රටවල් අතුරින් 68 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව මේ වන විට 74 දක්වා පහත බැස තිබෙන අතර එය ඉහල නංවා ලොව රටවල් අතර ශ්‍රී ලංකාව සන්නාමයක් බවට පත් කිරීමට සියළු ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය යොමු විය යුතු බව ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනයේ සභාපතිවරයා පවසනවා.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ සදහන් කරනු ලැබුවා
ඩොමිනිකන් ජන රජය,භූතානය වැනි රටවල් ජාතික සන්නාමකරණය තුළින් ඉතා කෙටි කාලයක් තුළ මහගු ප්‍රතිපල අත්කරගත්තා.ඒ නිසා ආයෝජන,සංචාරක,සංස්කෘතිකමය වැනි අංශ ගණනාවක දියුණුවක් අත්කරගන්න ඒ රටවල් වලට පුළුවන් උනා.ලෝකේ කොහේවත් නැති වටිනාකම් අපේ රට තුල සහ අපේ ජනතාව තුළ තිබෙනවා.මෙන්න මේ අගයන් ජාත්‍යන්තරය තුළ අපි පෙන්වා දීලා ශ්‍රී ලංකාව වටිනා රටක් බව පෙන්වීමට ජාතික සන්නාමකරණය තුළින් හැකි වනවා.දිගු කාලීන මෙම වැඩපිළිවෙල  සදහා නායකත්වය ලබාදී කටයුතු කරන්න විශේෂඥ දැනුමින් සන්නද්ධ අළෙවිකරුවන් අපි එක්ක ඉන්නවා....

මෙම සාකච්චා හමුවේ කරුණු දැක්වූ ශ්‍රි ලංකා අළෙවිකරණ ආයතනයේ ජාතික සන්නාමකරණ ව්‍යාපෘතියේ සභාපතින් කවී රාජපක්ෂ මහත්මිය සදහන් කලේ මේ අවස්ථාවේ රට මුහුණ දී තිබෙන ආර්ථික ප්‍රශ්න විසදීම සදහා සුදුසුම දිගු කාලීන විසදුම ජාතික සන්නාමකරණය බවයි.ශ්‍රී ලංකාව වටිනාකම් බහුල මිනිසුන් ජීවත් වන රටක් වුවත් ජාත්‍යන්තරය ඉදිරියේ අපගේ වටිනාකම්වලට නිසි අවධානයක් නොමැති බව ඇය පෙන්වා දෙනවා.එහිදී කරුණු දැක්වූ කවී රාජපක්ෂ මහත්මිය මෙසේ සදහන් කළා
ජපානය, සිංගප්පූරුව,ජර්මනිය වැනි ලොව දියුණු රටවල් ගැන ලොව ජනතාවගේ මනසේ ඇතිවෙන ධනාත්මක ආකල්පය ශ්‍රි ලංකාව වැනි වටිනාකම් රැසක් තියන රටක් සදහා හොදින්ම කරන්න පුළුවන්.

ශ්‍රි ලංකා අළෙවිකරණ ආයතනය හැටියට අපි සතුව පළපුරුදු අළෙනවිකරුවන් සිටිනවා.ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය හැටියට ජාතික සන්නාම කරණය අපි අපේ වගකීමක් බවට පත් කරන් සිටිනවා.ලෝකේ වෙනත් දියුණු රටවල් වල ජාතික සන්නාමකරණය සදහා වෙනමම ආයතන පිහිටුවලා තියනවා.ශ්‍රි ලංකා අළෙවිකරණ ආයතනය කියන්නෙත් පාර්ලිමෙන්තු පණතකින් සම්මත වූ ශ්‍රී ලංකාවේ  ආර්ථිකය සමෘද්ධිමත් කිරීමේ වගකීම පැවරුන ආයතනයක්.ඒ නිසා ජාතික සන්නාමකරණයට නායකත්වය දීම අපි අපේ වගකීමක් සේ සලකනවා.අපි සමග එකතු වෙන්න කියලා ශ්‍රි ලංකාව පුරා විසිරි සිටින අළෙවිකරුවන්,වෘත්තියවේදින් ඇතුළු සියලු දෙනාගෙන් අපි ඉල්ලීමක් කරනවා...