united-nations-report-sri-lanka

දේශපාලන නොසන්සුන්තාවයට සහ රටේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙන රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය අඟහරුවාදා (6) පළ කළ මානව හිමිකම් වාර්තාවක සිය “මිලිටරි මර්දනය” ආපසු හැරවිය යුතුයයි සටහන් තබා ඇත. "නව ආන්ඩුව මිලිටරිකරණය දෙසට ඇති යොමුව වහාම ආපසු හැරවිය යුතු අතර, කුරිරු ආරක්ෂක නීති මත යැපීම සහ සාමකාමී විරෝධතා මර්දනය කිරීම අවසන් කළ යුතුය" යනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සිය වාර්තාවේ සඳහන් කර ඇත.


ආණ්ඩුව "දණ්ඩමුක්තිය අවසන් කිරීම සඳහා නව කැපවීමක් පෙන්විය යුතු" බව එහි දැක්වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් සටහන තබා ඇති මෙම වාර්තාවෙහි වැඩිදුරටත්
 කියා සිටින්නේ දිවයින බංකොලොත් කිරීමට වගකිවයුත්තන්ට නඩු පැවරිය යුතු බවයි. දිවයිනේ දීර්ඝ සිවිල් යුද්ධයේදී කුරිරුකම් කළ අයව නීතිය ඉදිරියට පමුණුවන ලෙසද ඉල්ලා සිටියි.
එක්සත් ජාතීන්ගේ අයිතිවාසිකම් කාර්යාලය ආර්ථික අර්බුදයගැන අදහස් මතු කළ පළමු අවස්ථාව මෙයයි.
"ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය දෙන ලෙස අප ජාත්‍යන්තර ප්‍රජාව දිරිමත් කරන අතර, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ආර්ථික අපරාධ සඳහා දණ්ඩමුක්තිය ඇතුළු අර්බුදයට යටින් පවතින හේතූන් වැළකීම සඳහා ද සහාය දෙන ලෙස" වාර්තාවේ සඳහන් වේ.
ආර්ථික අපරාධ සහ සොරකම් කළ වත්කම් සෙවීමට සහ අයකර ගැනීමට සහය දෙන ලෙසද ඔවුන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.


ශ්‍රී ලංකාව ගැන නවතම එජා වාර්තාවට යොමුව මෙතැනින්