
ඊයේ (06) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගය ඩුබායිහිදී අවසන්වූයේ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරදෙමිනි.
මෙම තරගය රූපවාහිනිය ඔස්සේ ලංකාවට ගෙන ආවේ ඉන්දියාවේ ඩිස්නි නෙට්වර්ක් සමාගමට අනුබද්ධ ‘ස්ටාර් ස්පොර්ට්ස්‘ නාලිකාව හරහාය.
ඉන්දියාව පරාජයට පත්වීමෙන් පසු මෙහි තරගය වාර්තාකළ ආකාරය අතිශය පක්ෂග්‍රාහී බවට විවේචන එල්ලවී තිබේ. ඊයේ තරගය පමණක් නොව ඊට පෙර පකිස්තානය හමුවේ ඉන්දියාව පරාජයට පත්වීමෙන් පසුවද මේ ආකාරයේ පිලිවෙතක් පැවති බවට චෝදනා නැගේ.
මෙම තරගය ශ්‍රී ලංකා පිලට විශිෂ්ට ජයක් ලබාදෙමින් අවසන්වූ නමුත් එම ජයග්‍රහණය ගැන වැඩි විස්තර නොකියා ඉන්දියාවේ පරාජයට හේතු දීර්ඝ ලෙස විස්තර කිරීමට නාලිකාව කටයුතු කරන ලදි. නායක රෝහිත් ෂර්මාගේ මැසිවිල්ලට විශාල ඉඩක් ලබා දී තිබේ.
තරගය අවසානයේ ‘හයිලයිට්ස්‘ ඉදිරිපත් කළේද නැත.
මෙම පක්ෂපාතී වාර්තාකරණය ඉන්දීය ප්‍රේක්ෂකයින් ඉලක්ක කර සිදුකරන්නට ඇති නමුත් එය ශ්‍රී ලංකාව ඇතුළු අනෙක් රටවලට විකාශය කිරීමේදී ගැටලුකාරී විය. ස්ටාර් ස්පොර්ට්ස් නාලිකාවේ නිල ෆේස් බුක් ගිණුමේද ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය ගැන සටහන් තබා නැත.

Comments
Post a Comment
Your comment will be visible after approval