totalaga-fire

තොටළඟ  මෝදර කජීමාවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් ආශ්‍රිතව ඇති වූ ගින්නක් නිසා 27 අඟහ රාත්‍රී හදිසිතත්වයක් මතුවිය.
මෙම ගින්න හටගෙන ඇත්තේ කජීමා වත්තේ හි පිහිටා ඇති අනවසර නිවාස සංකීර්ණයකය.
රාත්‍රී 7.30ට පමණ හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.මේ වනවිට ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ 10ක් අදාළ ස්ථානයට පිටත් කර හැර ඇති අතර ගින්න මැඩපැවැත්වීමට වහා පියවර ගන්නැයි අදාළ බලධාරීන්ට උපදෙස් දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට විදෙස් ගතව සිට ජනපති දැනුම් දුන් බවද සැල වේ.
ගින්න නිසා විශාල පිරිසකට දේපළ හානිවී ඇතැයි වාර්තාවේ. ඇසින් දුටු සාක්ෂි කරුවන් පවසන්නේ දර ලිප පත්තු කරන නිවෙස් දෙකක් ආසන්නයෙන් ගින්න ඇරඹුණු බවයි.
ගින්න ඇතිවීමට මෙතෙක් හේතුව නිශ්චිතව අනාවරණ වී නොමැත.