sri-lanka-usa

පැවති රජය පොදගලික දේශපාලන අරමුණු සඳහා රාජ්‍ය සම්පත් අඩු විනිවිදභාවයකින් යුතුව යොදවා ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවේ විදේශ සබඳතා කටුව ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවක් ඉදිරිපත් කරමින් පවසා තිබේ. විශේෂයෙන්ම, වැරදි කෘෂිකාර්මික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ බවත්,

ආර්ථික වශයෙන් සාර්ථක නොවන මහා පරිමාණ ව්‍යාපෘති සඳහා චීනයෙන් බිලියන ගණනක් රාණය ලබාගෙන ඇති බවත් එම යෝජනාව පවසයි. ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවේ විදේශ සබදතා කට්ටුවේ සභාපති සෙනට් සභික බොබ් මෙනෙන්ඩෙස්, සෙනෙට් සභිකයන් වන ඩික් ඩර් බින්,පැට්‍රික් ලීගී සහ කෝරි බුකර් ශ්‍රී ලංකාව පිළිබද මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, පසුගිය රජයේ දුර්වල පාලනය සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ අභියෝග ඇතුළුව ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා පුළුල් ජාත්‍යන්තර ප්‍රවේශයක් මෙම යෝජනාව මගින් ඉල්ලා තිබේ. වියත්ම, ආර්ථික වර්ධනය තුළින් දුප්පත්කම තුරන් කිරීමේ අරමුණින් ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් මගින් ප්‍රදානය කළ අe.ඩො.මිලියන 480ක මූලය සහාය 2020 වසරේදී ශ්‍රී ලංකා රජය ප්‍රතිෂ්පකළ බව එම යෝර්තාව පෙන්වා දී ඇත. එසේම, ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මගින් සාමකාමී වීරෝධතා මඩලීම ඉලක්ක කර ඇති බවද එම යෝජනාවි වැඩිදුරටත් සදහන් වේ.

(මහීෂා චන්ද්‍ර ගුප්ත)