
කොලොම්බියානු සංගීත තරුවක් වන යුරෝ මිලියන 14.5 බදු වංචාවක් සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අධිකරණයේ නඩු විභාගයට පෙනී සිටියි.
බාසිලෝනා අධිකරණයක් විසින් ගායිකාවට බදු අපරාධ 6ක් සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනී සිටින ලෙස නියෝග කර ඇතත් තවමත් දිනයක් නියම කර නැත.
ස්පාඤ්ඤ නඩු පවරන්නන්ට අවශ්‍ය වන්නේ සුපිරි තරුව වසර අටකට සිරගත කිරීමට සහ ඇය වැරදිකරු වුවහොත් ඇයට යුරෝ මිලියන 23.8 ක දඩයක් පැනවීමටයි.
45 හැවිරිදි ඇය තමා කිසිඳු වරදක් සිදු නොකළ බව නැවත නැවතත් කියමින් චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
"මගේ නඩුවට සහය වීමට ප්‍රමාණවත් සාක්ෂි මා සතුව ඇති බවත් මට පක්ෂව යුක්තිය පවතිනු ඇති බවත් මට විශ්වාසයි", ඇය මෑතකදී කියා තිබුණි.
ෂකීරාගේ නීති කණ්ඩායම ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් "සුදුසු අවස්ථාවේ තර්ක ඉදිරිපත් කිරීමෙන්" ඔවුන්ගේ කාර්යය ඉටු කරන බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval