seeduwa-temple-murder

සීදුව  වෑත්තෑව නන්දාරාම විහාරස්ථායේ 55 හැවිරිදි විහාරාධිපති හිමියන් ඝාතනය කර රටින් පිටව යාමට උත්සාහ කළ 18 හැවිරිදි හිමිනමක අද (15) අලුයම ඩුබායි බලා පිටත් ව යාමට තැත් කිරීමේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හිමියන් කලිසම් ෂර්ට් ඇඳගෙන ගිහි වෙසින් ගමන් කරමින් සිට ඇති බවද වාර්තා විය.
පසුගිය 12 වනදා පමණ අපවත්වන්නට ඇතැයි අනුමාන කරන විහාරාධිපති හිමියන්ගේ නරක්වූ සිරුර 14 වනදා එනම් ඊයේ පොලිසිය සොයාගත් අතර ඝාතනය හෙලිවන්නට පටන්ගත් අවස්ථාවේ එම විහාරස්ථානයේ ඝාතනයවූ අය සමග විසූ එකම හිමිනම වූ මොහු නායක හිමියන්ගේ ඩිෆෙන්ඩර රථයකින් ඊයේ උදේ පළාගොස් තිබුණි.
18 හැවිරිදි වියේ පසු වන මෙම හිමියන් මේ වන විට සීදුව පොලිස් භාරයේ පසුවන අතර වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතය. විහාරස්ථානයට පැමිණ දේපළ පරීක්ෂා කරන ලද සැකසහිත කන්ඩායමක් සෙවීමටද පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.

සිද්ධියට අදාළ පෙර විස්තරය මෙතැනින්