samantha-power-sri-lanka

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ප්‍රධානී සමන්තා පවර් නිල සංචාරයක් සඳහා අද (10) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. සමන්තා පවර් දෙදින නිල සංචාරයක නිරත වන බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.



සමන්තා පවර් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ තවත් රජයේ ප්‍රධානින් කිහිපදෙනකු සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණයහිමි රටක් ලෙස එක්සත් ජනපදය සහභාගී වන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් 07 වනදා දැනුම් දීමෙන් අනතුරුවා ඇයගේ සංචාරය නිවේදනය කර ඇත.
සමන්තා ජේන් පවර් යනු අයර්ලන්ත-ඇමරිකානු මාධ්‍යවේදියෙකි, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ රාජ්‍ය නිලධාරියෙකි, ඇය දැනට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක ලෙස සේවය කරයි. ඇය මීට පෙර 2013 සිට 2017 දක්වා එක්සත් ජාතීන්ගේ 28 වැනි එක්සත් ජනපද තානාපතිනිය ලෙස කටයුතු කළාය.