queen-sri-lanka-sad

දෙවන එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.


ඒ අනුව ලබන  19 වැනිදා දක්වා ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි.



දෙවැනි එළිසබෙත් මහ රැජින වර්ෂ 1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද කටයුතු කළ අතර රැජිණගේ අභාවය වෙනුවෙන් අද (09) පාර්ලිමේන්තුවේදී විනාඩි දෙකක නිශ්ශබ්දතාවක්ද පවත්වනු ලැබුණි.


පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබුණි.

අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ද විපක්ෂයේ ශෝකය පළ කරනු ලැබුවේය.

එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරමින් ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් පනිවිඩයක්ද පළ කර තිබේ.