The-British-minister-who-took-the-oath-with-her-hand-on-the-Dhamma-verse

බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු නව අමාත්‍යවරිය ලෙස පසුගියදා දිවුරුම් දුන් ඉන්දියානු සම්භවයක් සහිත සුඑල්ලා බ්‍රෙව්ර්මන් Suella Braverman දිවුරුම් දීමේ උත්සවයේදී බෞද්ධයන්ගේ අත්පොත වන  "ධම්මපදය" මත අත තබමින් ස්වදේශ කටයුතු අමාත්‍ය ධූරයේ දිවුරුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සුළුල්ලා 2015 වසරේ කොන්සර්වටිව් පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර 2020 සිට 2022 වසර දක්වා බොරිස් ජොන්සන්ගේ රජයේ නීතිපතිවරිය ලෙස කටයුතු කර ඇත. හතළිස් දෙහැවිරිදි සුළුල්ලා බ්‍රෙව්ර්මන් දෙදරු මවක වන අතර ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයට නිතිපතා පැමිණෙන බෞද්ධයකු බවද වාර්තාවේ.


කලක් ස්වදේශ කටයුතු ලේකම්වරිය ලෙස ඇයගේ වගකීම් අතර එක්සත් රාජධානියේ දේශසීමා අධීක්‍ෂණය කිරීම, පොලිස් සේවය සහ ත්‍රස්තවාදය මර්දනය කිරීම විය.
2018 හි House of Commons හි Rael Braverman සුදු ජාතිකයා සමඟ විවාහ වූ ඇය 1960 ගණන්වල එක්සත් රාජධානියට සංක්‍රමණය වූ ඉන්දීය පවුලකට දාව වයඹදිග ලන්ඩනයේ හැරෝ හි උපත ලබා තිබේ.
ඇගේ මව NHS හෙදියක් සහ ටෝරි මන්ත්‍රීවරියක විය.
මන්ත්‍රීවරියක් වූ පසු ඇය දිවුරුම් දුන්නේ බෞද්ධ ග්‍රන්ථ ධම්මපද ග්‍රන්ථයෙනි.
ඇය ථෙරවාදී බුද්ධාගම සිත්ගෙන අදහන්නියක බව විස්තරවේ. සෑම මසකම ඇය ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයටද පැමිණ භාවනාව , සිල් සමාදම්වීම ඇතුළු බොදු වතාවත්වල නිරතවන බවද විස්තර වේ.


සීඑන්බීසී රූපවාහිනියට අනුව, ඇමතිනියක වන්නට පෙර එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරිය ලෙස ඇය ධූරයේ දිවුරුම් දුන්නේද බුදුරජාණන් වහන්සේගේ වදන්වල “ධම්මපදය” ප්‍රකාරව ය. ගෞතම බුදුන් වහන්සේ සිය අනුගාමිකයින්ට වදාළ ගාථා 423 කින් සමන්විත ධම්මපදය වඩාත් ජනප්‍රිය හා ප්‍රසිද්ධ බෞද්ධ ග්‍රන්ථවලින් එකක් බව ඇය කියයි.
කෙසේ වෙතත්, ඇගේ පවුල වෙනත් සංස්කෘතීන් සමඟ කටයුතු කර ඇත. ගෝවා උරුමය ඇති ඇගේ පියා කිතුනුවකු වන අතර මව හින්දු පවුලක උපත ලැබුවාය.