
විදුලි කප්පාදුව පැය දෙකයි මිනිත්තු 20 ක් දක්වා ඉහළ දැමීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (22) පස්වරුවේ පැවසීය.
ඒ අනුව හෙට (23) සිට 25 වැනිදා දක්වා දින තුනේ දහවල් කාලයේ පැයක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා කීය.
පැරණි ලක්ෂපාන බලාගාරයේ අදියර 1 ක්‍රියාත්මක නොවීම, වෙස්ට් කෝස්ට් බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සඳහා ඉන්ධන නොමැතිවීම මෙන්ම විදුලි ඉල්ලුමේ හදිසි ඉහළයෑම මෙම පියවර ගැනීමට හේතුවී ඇත
විදුලි බලාගාර දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්ධන නොමැති වීමත්, විදුලි ඉල්ලුම හදිසියේ ඉහළ යාම හේතුවෙන් මෙසේ විදුලි කප්පාදුව වැඩි කිරීමට සිදු වූ බව රත්නායක මහතා වැඩිදුරටත් කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval