petrol-colombo7

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක පෙට්‍රල් නිකුත් කරන පොම්ප දෙකක් ඊයේ මුද්‍රා තැබුණි.  මීටර වෙනස් කර 92 වර්ගයේ පෙට්‍රල් නිකුත් කිරීමේදී ලීටරයකින් සියයට 1යි දශම 2ක් අඩුවෙන් නිකුත්කළ බවට තහවුරු වීම මෙයට හේතුවයි.


මහජන උපයෝගිතා කොමිසම, කාර්මික තාක්ෂණ ආයතනය සහ කිරුම් මිණුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිදුකළ පරීක්ෂාවකදී මය අනාවරණය විය.
සෑම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 5යි ශත 40ක් පාරිභෝගිකයාට පාඩුවී ඇති බව ඒ අනුව පෙනී ගොස් ඇත.

දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් අලෙවි කරන ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සාම්පල ලබා ගැනීම ආරම්භ කර තිබෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සහ කාර්මික තාක්ෂණ ආයතනයේ උපදේශක සිරිල් සුදුවැල්ල කියා සිටියේය.
අහඹු ලෙස තෝරා ගත් දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් මෙලෙස සාම්පල ලබාගෙන පරීක්ෂාවන් සිදු කරනු ඇත.

මේ අතර, මෙරටට පැමිණි ඩීසල් නෞකාව සඳහා ලබන සතිය තුළ ගෙවිම් සිදු කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කර තිබේ.


මෙම ඩීසල් නෞකාව මෙරටට පැමිණ ඇත්තේ මීට දින 10කට පෙර යි.
එමෙන්ම පෙරේදා මෙරටට ළඟා වූ පෙට්රල් නෞකාවක් සඳහා ඊයේ ඛනිජ තෙල් සංස්ථාව මුදල් ගෙවා ඇතැයිද වාර්තාවේ.
ෙපසුගිය 20 වැනි දා මෙරටට පැමිණි බොරතෙල් නෞකාවට නව ක්‍රමවේදයක් ඔස්සේ මුදල් ගෙවිමට කටයුතු සම්පාදනය කරමින් පවතියි.