බස්වල ලීසීං ගෙවන්න සල්ලි හොයාගන්න කසිප්පු පෙරළා

Ad Code

බස්වල ලීසීං ගෙවන්න සල්ලි හොයාගන්න කසිප්පු පෙරළා

homagama-kasippu

තමන් සතු බස් රථ දෙකක ලීසිං වාරික ගෙවීම සදහා කසිප්පු ජාවාරමක නිරත පුද්ගලයෙකු හෝමාගම, නියඳගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලීසිය පවසයි.

 එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු සතුව තිබූ ගෝඩා මිලිලීටර් 1,152,000ක්ද පොලිස් භාරයට ගෙන ඇත.හෝමාගම පොලීසියට ලද තොරතුරක් මත එහි  දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික අජන්ත ප්‍රභාකර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.



සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ සෝදිසි කිරීමේදී එහි වෙල්යායක නියරවල් මත ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ ගෝඩා බැරල් පහක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.සැකකරු සතුව මාර්ග අංක 138 හෝමාගම, පිටකොටුව මාර්ගයේ දිවෙන බස් රථ දෙකක් තිබෙන බවත් එම බස් රථවල කල්බදු වාරික ගෙවීමට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවට මොහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

හෝමාගම මූලස්ථාන පොලීසියේදූෂණ මර්දන අංශ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක අජන්ත ප්‍රභාකර, පොලිස් සැරයන්වරුන් වන සුසන්ත, රාප්ප, පොලිස් කොස්තාපල් වරුන් රණසිංහ, රොෂාන්, කුමාර, විජයරංගන, කාන්තා පොලිස් කොස්තාපල් මේඛලා, පොලිස් කොස්තාපල් රියදුරු සුමිත්, විජේසිරි යන පොලිස් නිලධාරින් විසින් වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu