peradeniya-student-missing

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු අතුරුදන් වී තිබෙන බව වාර්තා වේ.
ඊයේ  (18) දිනයේදී මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියට සිසුවාගේ පවුලේ අයගෙන් ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.


මෙලෙස අතුරුදන් ව ඇත්තේ, වයස අවුරුදු 24ක් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුවෙක් වන අතර ඔහු යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අතුරුදන් වූ සිසුවා විසින් සැප්තැම්බර් 16 වන දින ලියන ලද බවට සැක කරන ලිපියක් ඔහු නැවතී සිටී කාමරයේ තිබී සොයාගෙන ඇති අතර එහි සටහන්ව ඇති දේ ගැන පරීක්ෂණ සිදුවේ. මේ දක්වා මොහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.