elizabeth-2-queen-funeral

1 pm Update
අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණගේ දේහයට ගෞරව දැක්වීමට සාමාන්‍ය ජනතාවට ලබාදී තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 11 ට අවසන්වූ අතර ඉන්පසු පැය 4 ක් පමණ එනම් පස්වරු 02.44 දක්වා වෙස්ට්මින්ස්ටර් මාලිගයේ එය තැන්පත්ව තිබේ.
මේ අතරවාරයේ 2.45 සිට ඇරඹෙන අවසන් කටයුතු පෙරහැරට ලන්ඩන් නගරය සූදානම් කර ඇත.
02.45 ට රැජිනගේ දේහය රැගත් මංජුසාව වෙස්ට්මින්ස්ටර් මාලිගයේ සිට වෙස්ට්මින්ස්ටර් ඇබේ දක්වා පෙරහැරකින් ගෙන යනු ලැබේ. මංජුසාව පසුපසින් චාල්ස් රජු, රාජකීය පවුලේ සාමාජිකයන් එක් වනු ඇත.
ශ්‍රී ලංකාවේ වේලාවෙන්  පස්වරු 3.30 දක්වාම මෙම පෙරහැර පැවැත්වේ. පසුව රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය වෙස්ට්මින්ස්ටර් ඇබේහිදී ආරම්භ වේ.

ලොව පුරා සිටින රාජකීයයන්, රාජ්‍ය නායකයන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් මීට සහභාගී වනු ඇත.
ඉන්පසු නැවත රැජිනගේ දේහය රැගත් මංජුසාව පැය 4 ක පමණ කාලයක් නගරයේ ස්මරණීය ස්ථාන වටා බුහුමන් සහිතව ගමන් කරවන දෙවන පෙරහැර ආරම්භ වේ.  චාල්ස් රජු සහ රජ පවුල නැවතත් පෙරහැරේ ගමන් කරනු ඇත.
ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8.30 ට ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ ‘කැපවීමේ සේවාව‘ ආරම්භ කරන්නට නියමිතය.
මීට එක්වනු ඇත්තේ රැජිනගේ ගෘහයේ සහ රාජකීය පවුලේ අතීත සහ වර්තමාන සාමාජිකයින් පමණි. මෙම සේවාව වින්ඩ්සර් දේවගැතිවරයා විසින් මෙහෙයවනු ලැබේ.
අවසානයේ ශ්‍රී ලංකා වේලාවෙන රාත්‍රී 12 ට පමණ රැජිණගේ පියා ඇතුළු පවුලේ අයව මිහිදන් කළ  VI වන ජෝර්ජ් අනුස්මරණ දේවස්ථානයේ සුසාන භූමියේදී පෞද්ගලිකව භූමදානය සිදු කෙරේ. මෙම අවස්ථාවට චාල්ස් රජු සහ රාජකීය පවුලේ සාමාජිකයන් පමණක් එක්වනු ඇත.
වෙස්ට්මින්ස්ටර් මාළිගයේ සිට වෙස්ටින්ස්ටර් ඇබේ දක්වා පෙරහැරකින් දේහය රැගත් මංජුසාව ගෙනයාමට ලන්ඩනය සූදානම්ව සිටින අයුරු ඡායාරූප පහතින්