peradeniya-internal-jobs

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු සිසුන්ට මසකට පැය 18ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබාදීමට විශ්වවිදනල පාලන අධිකාරිය තීරණය කර ඇත.

මෙරට විශ්වවිද්‍යාලයක ප්‍රථම වරට ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ එක් සිසුවකු සේවය කරන පැයක කාලයක් සඳහා රුපියල් 350ක ගෙවීමක් කිරීමට ද නියමිතය. සරසවිය තුළ අනධ්‍යයන සේවා සැපයුම සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන දැනුම හුවමාරුව සදහා සිසුන්ට මෙම අර්ධකාලීන රැකියා ලබාදීමට නියමිත බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති එම්.ඩී. ළමාවංශ මහතා පැවසීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කරයි. ම


ෙම නව වැඩපිළිවෙළ පිළිබඳව සිසුන්ගේ විශාල උනන්දුවක් තිබෙන බවත් උපකුලපතිවරයා කීවේය. ඒ සඳහා සිසුන් 170 දෙනකු පමණ දැනටමත් ඉල්ලුම් කර ඇති බව ද ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ලබන ඔක්තෝබර් මස 01 වැනි දින සිදුකිරීමට නියමිතය. රට තුළ පැන නැගී තිබෙන සමාජ හා ආර්ථික අර්බුදය හමුවේ සිසු දරුවන් විශාල ආතතියකට පත්ව ඇති බවත්, නව වැඩපිළිවෙළ යටතේ සිසුන්ට යම් ආදායමක් ලැබෙන අතරම සිසුන් තුළ ඇති ඒකාකාරී බවෙන් මිදීම සඳහා මෙය මහගු පිටුවහලක් වනු ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති එම්.ඩී. ළමාවංශ මහතා පැවසීය.


 - ෂේන් සෙනෙවිරත්න-