
සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් සහිත කාන්තාවක් බවට ශ්‍රී ලංකා පොලිසිය බී වාර්තාවක් මගින් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවක් මගින් අනාවරණය වී ඇතැයි සුරකිමු ලංකා ව්‍යාපාරයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ පවසති. ඒ අනුව ඇයට උප්පැන්න සහතික දෙකක් සහ ජාතික හැඳුනුම්පත් දෙකක් ඇති බවත් එලෙස කූට ලේඛන ඉදිරිපත් කරමින් මෙරට තුළ ජිවත් වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් උන්වහන්සේ පැවසුහ.
එම වාර්තාවලට අනුව ඇය මෙරට තුළ සිටින්නේ වීසා බලපත්‍ර රහිතව බවත් එවැනි කාන්තාවකට රාජ්‍ය ඇමැති ධුරයක් ලබා දුන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කර සිටින බවත් උන්වහන්සේ සඳහන් කළහ. එම නිසා ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වහාම අත්හිටුවිය යුතු බවත් එසේ නොකරන්නේ නම් ආණ්ඩුවට එරෙහිවද නැගී සිටින බවත් උන්වහන්සේ පැවැසූහ.
Comments
Post a Comment
Your comment will be visible after approval