
සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘සලිඳු මල්ලි’ නමැත්තාගේ ගෝලයකු වන ‘ගංකබරයා’ නමැත්තා හෙරොයින් මත්කුඩු සමග පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරින් විසින් පෙරේදා (18 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, වෑකඩ, හොරණ පාරේ පදිංචි 43 හැවිරිදි අයෙකි.
රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 30 මිලිග්‍රෑම් 380ක් සහ මත්කුඩු ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් තිස්පන්දහස් පන්සීයක මුදලක් ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබේ.
මෙම සැකකරු දැනට විදෙස්ගතව සිටින බවට සැකකරන සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘සලිදු මල්ලි’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ක්‍රියා සඳහා සහාය දක්වන අයකු බවට හඳුනාගෙන ඇත.
පානදුර නගරය පුරා මත්කුඩු බෙදාහැරීමේ නිරත ප්‍රබල ජාවාරම්කරුවකු වන මෙම පුද්ගලයාගේ සහෝදරියක ද සති දෙකකට පෙර මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්යය බළකාය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පානදුර දකුණ පොලිස් ස්ථානයට භාර දී ඇත.
(අනීෂා මානගේ)
Comments
Post a Comment
Your comment will be visible after approval