norochchole-power-cut

නොරොච්චෝලේ බලංගාර අංක 3 කොටස හදිසි දෝෂයකට ලක්වීම හේතුවෙන් දැනට පවතින විදුලි නිෂ්පාදනය අවමවී ඇති අතර එය පිලිසකර කරන්නට දින 5 ක් පමණ ගතවියහැකි බැවින් ඉදිරි දිනවල විදුලිකප්පාදුව තවත් පැය ගණනක් ඉහළ යනු ඇතැයි වාර්තාවේ.


අදාළ සංසිද්ධිය ගැන අද උදෑසන විදුලිබල ඇමති කංචන විජේසේකර ට්විටර් පනිවිඩයකින් මෙසේ පැවසීය.
‘නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ඒකකය වාෂ්ප කාන්දුවක් හේතුවෙන් වසා දමා ඇති බව ලංවිම දන්වා ඇත.  නඩත්තු කටයුතු සඳහා දින 3-5 ක් ගතවනු ඇතැයි ගණන් බලා ඇත.  අළුත්වැඩියා කටයුතු අවසන් වන තුරු විදුලි උත්පාදනය කළමනාකරණය කිරීම සඳහා ඉන්ධන බලාගාර භාවිතා කරනු ඇත.‘

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අක්‍රිය වීම හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලය වැඩි කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම මේ අතර පැවසීය.

මෙගාවොට් 900 කින් යුත් විදුලි බලාගාරයේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ මෙගාවොට් 300 කින් යුත් එක් ජනන යන්ත්‍රයක් පමණක් බවද ඒ හේතුවෙන් ඉදිරි දිනවල කප්පාදුව වැඩිකරමින් කාලසටහන නිකුත් කරන්නට සිදුවනු ඇ.තැයිද දන්වා තිබේ.